
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එහිදි බලශක්ති ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර හවුල්කාරිත්වය ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාවට නව සංවර්ධනයක් අත්කර දීම අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ICT රත්නදීප හෝටලයේදී පැවති 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කාර හමුව 2024 (AIPM 2024) අමතමිනි.
ජූනි 22 දක්වා කොළඹදී පැවැත්වෙන 31 වැනි සමස්ත ඉන්දීය හවුල්කරුවන්ගේ හමුව, ඉන්දියාවේ KPMG ආයතනය සහ ශ්‍රී ලංකාවේ KPMG ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දුරටත්පි පිනා හිටියොත් හවුලේ නෙවෙයි, යටතේ තමයි ඉන්න වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මෙයාව ඇපත් නැතිව පන්නමු.
හරියට ලංකාව මෙයාගේ බූදලේ වාගේ විකුණන්න, ලියලා දෙන්න හදන්නේ. රටම විකුණලා යන්න හදන්නේ. මහජනයාගේ අකමැති බව දන්න නිසා මිනිස්සු කෙරෙහි ඇති වෛරය පිරිමහන්නේ එහෙම.
හවුලේ? හවුලේ නොවෙයි කුලියට වැඩ කරන්නයි වෙන්නේ...
ඉන්දියාව කවදත් කළේ අපේ රට හූරාගෙන කන එක තමයි.
හවුලේ පවුල් කන්න මහත්තයෝ ඔය උපදේශකලත් එක්ක. රට නරා වලක ඔබන්නේ නැතිව...
ඡන්දෙන් ඇවිත් කියන දෙයක් කියන්න.
රනිල්ගේ අදහස හරි.... කට්ටිය කියන්නේ කියුබාව එක්ක එකතුවෙලා වැඩේ කරමු කියලාද?
මෙයා මේ රටම එයාගේ ඉන්දියන් නෑදෑයින්ට විකුණනවා... කාලකන්නි පෙරේත ඉන්දියන්කාර රනිල්, හොඳක් වෙන්නේ නැහැ.
මෙතුමා එදා ඉඳලා කෙරුව එකම දේ ණය ගැනීම බදු ගැසීම විකිණීම බේස්ලට් දෙනවා කිව්වා... වයිෆයි නිකන් දෙනවා... කිව්වා පුංචි කාර් මිනිස්සුන්ට ගන්න කුරුණෑගල වොක්සැගන් කොම්පැනියක් දාලා දෙනවා කිව්වා... අපිත් ඒ කාලේ අසාවෙන් බලාගෙන හිටිය මේවා ලැබෙනකම් මෙතුමා කටින් බතල හිටෝනවා විතරයි දැනුත් කරන්නේ එකයි.
මෙතන කොමෙන්ට් දාපු ගොඩ දෙනෙක් කියන්නේ ඉන්දියාව සමඟ සහයෝගීතාව හොඳ නෑ කියලා. තව කට්ටියක් කියනවා චීනයත් එක්ක සහයෝගීතාවය හොඳ නෑ කියලා. තවත් කට්ටියකට ඇමෙරිකාවත් සමඟ සහයෝඟීතාවය හොඳ නෑ. අන්තිමට අර බූරුවාව පොළට අරන් ගිය තාත්තයි, පුතයි වගේ බූරුවාව කරේ තියන් තමා යන්න වෙන්නේ...
වඩාත් නිවැරැදිව කියනවා නම් ඉන්දියාවටයි, අදානිලාටයි, මෝදිලාටයි රටම පාවාදෙනවා.
ඉන්දියාව කවදාවත් කැමැති නැහැ ලංකාව දියුණු වෙනවාට... මේක ඉන්දියානුවෙක්ම ඔහුගේ කටින් කියපු දෙයක්... ඔවුන්ට අවශ්‍ය ලංකාව ඉන්දියාව මත යැපෙන්න ඕනෑ කියන එකයි. මේක දන්නේ නැති සමහරක් පර දේශපාලුවෝ ඉන්දියාව පස්සේ කොමිස් වෙනුවෙන් යනවා...