
(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය.
දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එම දේවස්ථානයේ රොෂාන් මහේෂන් ප්‍රධාන පූජකතුමා සමඟ සාකච්ඡාවක නිරත විය.
දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත උපදෙස් දෙනු ලැබීය.
එම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දුන්නේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය සතියේ මන්නාරම රදගුරු... මේ සතියේ මඩකලපුවේ... තමුන් වටේ යන්නැතිව කොළඹ අගරදගුරු නිවසට යන්නකෝ.... ගිහින් වැඩේ කලේ කාගේ වුවමනාවටද කියලා කෙලින්ම කියන්නකෝ.... පරක්කු වුනොත් හිටං ගොයියා කියයි... එතකොට ඡන්දෙට ගහන්න තියෙන අන්තිම තුරුම්පුවත් ඉවරයි.
පාස්කු ප්‍රහාරය සිද්දවෙන කොට රටේ අගමැති. අවුරුදු 5ක් ගත වුණා. අවුරුදු දෙකක් පින් ජනපති. දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ...
නෝනත් ගිහිල්ලා..!
බෝම්බ බලකායේ වක්ර කොටස් කාරයින් බෝම්බ වැදුණු තැන් බලන්නත් යනවා. හිහ් හිහ් හී...
ඔය දේවස්ථානේ ගැන ප්‍රහාරේ ගැන කෑගහන කයිය නායකලාත් සද්දේ නැහැ. ආගමික නායකලාත් සද්දේ නැහැ නේද?
ඔයගමන්ම නැගෙනහිර පළාතේ අසරණ වෙලා ඉන්න සිංහල මිනිසුන් ගැනත් ටිකක් හොයලා බැලුවොත් නරකද? දෙමළ මුස්ලිම් ඡන්ද කැඩෙයි කියලා බයද...? අනික් පළාත්වල සිංහලයින් මේවා අවබෝධ කර ගැනීම වටිනවා...
ඒවා අලුත් වැඩියා කොරන්නේ බදුමුදලින්. මුන්ට හෙනගහන්න ඕනෙ නේද?