හැඳුනුම්පත නැතිව ගිය අගමැති ඡන්ද පොළෙන් පන්නයි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්පතක් රැගෙන ඒමට අමතක වීම හේතුවෙන් එහි නිලධාරීන් ඔහු ආපසු හැරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 May 2024
කොත්තු - රයිස් මිල අඩු කරයි ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. 03 May 2024
අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 03 May 2024
‘මුහුදු රළ ගැන අවධානයෙන් ඉන්න‘ මෙරට ඇතැමි ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 03 May 2024
පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 03 May 2024
නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ. 03 May 2024
පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 03 May 2024
දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැමිණිල්ලක් කළාය. 03 May 2024
බස් බස් ගැටී 23ක් රෝහලේ ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 23 දෙනෙකු රෝහල් ගත කර තිබේ. 03 May 2024
දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට බිරිඳ විදේශගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 03 May 2024
ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි අධිකරණයට කැඳවයි පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14 වැනි දින මාතලේ මහාධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 May 2024
ගාසාව යුද්ධයෙන් වසර 45 ආපස්සට ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් පසුගිය වසර හතළිහ පුරාවට අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව සියළුම පුද්ගල සංවර්ධන අංශවලින් ගාසා තීරයේ ජනතාව ලැබූ ප්‍රගතිය මේ වන විට ඔවුන්ට අහිමි වී ඇති බවත් ගාසා තීරයේ ජනතාව නැවතත් 1980 දශකයට ගමන් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අරාබි රාජ්‍යයන් සඳහා කලාපීය කාර්යාංශ අධ්‍යක්ෂක අබ්දුල්ලා අල් ඩර්දාරි ප්‍රකාශ කළේය 03 May 2024
අ‘පුර වකුගඩු ඒකකය මරණය අභියස වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට ප්‍රදේශයේ විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන අනුරාධපුර දිස්ත්‍රික් ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යගාරය සහ වාට්ටුව වැසීයාමේ අවදානමක පවතින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 03 May 2024
ආගමන විගමනයට ජනතා විරෝධය ගුවන් තොටුපළ සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ඉන්දීය සමාගමට පැවරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්ගමේන්තු ප්‍රධාන කාරියාලය පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 03 May 2024
ලාල් කාන්ත සමාජවාදය අත්හැරීම සතුටක් ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 03 May 2024
ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (3) නිවේදනය කළේය. 03 May 2024
සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරියද මියගොස් ඇතැයි පොලීසිය කියයි. 03 May 2024
එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක් මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. 03 May 2024
කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක් දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන ශාලාව යළි ආරම්භ කර තිබේ. 03 May 2024
ලිට්රෝ ගෑස් මිල පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නිවේදනය කළේය. 03 May 2024
සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 03 May 2024
අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 03 May 2024
මා - පිය වලියට දැරිය දිවි පුදයි මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 03 May 2024
මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන් 2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 03 May 2024
හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 May 2024
පළාත් තුනකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 03 May 2024
ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට 06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගනිමින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 03 May 2024
නිදා සිටියදී මරා දමලා නෙදුන්කේනි කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට කිසියම් පුද්ගලයකු හෝ කීපදෙනකු ආයුධයකින් හිසට පහර දී ඝාතනය කර ඇති බව නෙදුන්කේනි පොලිසිය පවසයි. 03 May 2024
මැයි රැලිවල වියදම කෝටි 200යි දේශපාලන පක්ෂ මැයි දින රැලි සහ පෙළපාළි වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් මෙවර වැය කර ඇතැයි අප කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය විය. 02 May 2024
කුලියාපිටිය අතුරුදන් තරුණයා ගැන අධිකරණය දුන් තීන්දුව අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ සහෝදරයකු හොර රහසේ රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 02 May 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026