’’රට බංකොළොත් කෙරූ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න’’
රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය.