IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර මැණික් විකුණන්න ගිහින් පොලිස් දැලේ පැටලෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටියක වටිනාකමකින් යුත් මැණික් ගලක් ඇති බව අගවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවි කිරීමට සුදානම් වු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයෙ පදිංචි අවුරුදු 34 හා 38 හැවිරිදි විවිධ ජාවාරම් වලට සම්බන්ධ බව සැකකරන දෙදෙනෙකු බව කියයි.

මෙම ව්‍යාපාරීකයාට මෙයට පෙර ගෙවිගිය අප්‍රේල් මාසයෙද මැණීක් ගල් තොගයක් ඇති බව පවසමින් මෙලෙසම මැණීක් ගල් තොගයක් පෙන්වමින් එය මිළදි ගැනිමට ආණමඩුව නගරයට පැමිණ සිටියදී ඔහු සතුව තිබු රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් මෙලෙස රැගෙන පලා ගොස් සිටි බව කියයි.

එම සිද්දිය සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පැමිණිල්ලක් කර නොතිබු පසුබිමක නැවත වෙනත් දුරකථන අංකයකින් නිධානයකින් ගොඩ ගත් බව කියමින් මෙලෙස රුපියල් කෝටියක මැණීක් ගලක් ඇති බව පවසමින් නගරය පැමිණේන ලෙසත් එවිට මැණික් ගල පෙන්විමට හැකි බවත් මිළදි ගැනිමට අවශ්‍යම නම් මුදල්ද රැගෙන එන ලෙස පවසා ඇති බව කියයි.

කෙසේ නමුත් පෙර අවස්ථාවක සිදුවු සිදුවිමේන් රැවටි සිටි මෙම ව්‍යාපාරීකයා ආණමඩුව සහකාර පොලිස් අධීකාරිවරයා දැනුවත් කර මෙම වැටලීම සිදු කර තිබේ.



අදහස් (0)

හොර මැණික් විකුණන්න ගිහින් පොලිස් දැලේ පැටලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site