IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනවසරයෙන් මසුන් මැරූ ඉන්දිය ධීවරයෝ 22ක් අත්අඩංගුවට

(ප්‍රදීප් කුමාර)

නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

විදේශීය ධිවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධිවර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දියානු යාත්‍රා සමඟ ධිවරයින් පිරිස මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

එහිදී මෙම යාත්‍රා හා ධිවරයින් මෙරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සදහා මයිලඩි ධිවර පරීක්ෂක කාර්යයාලයට  භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.



අදහස් (3)

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දිය ධීවරයෝ 22ක් අත්අඩංගුවට

Bandula Monday, 24 June 2024 10:20 AM

මොවුන් අපේ මූදට රින්ගලා අපේ මත්ස්‍ය තොග පිටින් හොරකම් කරනවා. නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනේ... අපේ ධීවරයින් බුදි...

:       0       2

චන්දිම Monday, 24 June 2024 11:46 AM

ඉන්දීය විදේශ ඇමති ලංකාවට ආපු වෙලාවේ රටේ ඉන්න තරමක් දෙමළ නායකයෝ තකහනියේ කඩිමුඩියේ පොරකාගෙන රොත්ත පිටින් ගිහින් ඔහු එක්ක කතා කලේ 13 ගැනයි පොලිස් බලේ ගැනයි ඉඩම් ගැනයි. කවුද මාධ්‍ය වේදියෙක් ඇහුවා උතුරේ ධීවරයින්ට අයිති මාළුටික ඉන්දීය ධීවරයෝ අල්ලන් යන එක ගැන කතා කළාද කියලා. බැලුවාම කවුරුවත් නැහැ ඒක ගැන කතා කරලා. ඔක්කෝම අය කිව්වේ නැහැ නැහැ කියලා. ඔන්න උතුරේ විතරක් නෙවෙයි, දකුණේ ජනතාවටත් පාඩමක් මේ රටේ දේශපාලකයෝ කියන්නේ කවුද කියලා දැනගන්න. මිනිස්සු නිකම් මුන් පස්සේ දුවනවා විතරයි...

:       0       2

කෙවුලා Monday, 24 June 2024 01:51 PM

උන් එකෙකුටවත් පොඩි මිනිහාගේ දුක්, කඳුළු තේරෙන්නේ නෑ. ඒ මිනිස්සු ඕනේ වෙන්නේ චන්දෙට විතරයි. ඒ දෙසපලකයෝන්ට ලැබෙන්න යමක් තියෙනවනම් ඒවානම් කොහොමහරි ගන්න බලනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site