IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘

 

(ආරියරත්න  රණබාහු)


මහරගම තරුණ සේවා සභාවේ පැවති  විශ්‍රාමික පොලිස් සාමූහික  රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා  කලබල වී එල්ල කරන චෝදනා සියල්ල  ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ලැබිය යුතු උසස්වීම ද මෙ වන විට නතර කර ඇතැයි කී ඒ මහතා එය ඔහුට කරන අවසන් පලිගැනීම ලෙස සිතිය හැකි යැයි ද කීය.

ශානි අබේසේකර මහතා අනිතික ලෙස අත්අඩංගුවට ගෙන මාස එකොළහක් සිරගත කොට සිටි බවත් එම නිසාම ඔහුගේ උසස් වීම්නුදුන් අතර නිදහස් වීමෙන් පසුව ඒ මහතා මේ වන විට මූලික අයිතිවාසිකම් පෙස්සමක් අධිකරණය වෙත යොමුකර ඇති බවද පැවසීය.

ඒ අතරතුර  තමාට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස අබේසේකර මහතා බලධාරීන් ගෙන් ඉල්ලා සිටි බවත් එහිදී ඔහුට පොලිස්පතිවරයා කියා ඇත්තේ  මේ වනවිට ගොනුකර ඇති අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගතහොත් උසස් වීම් ලබා දිය හැකි බවය එහෙත් අබේසේකර මහතා ඊට එකඟ නොවී මිනිසා  පසුගියදා පොලිස් කොමිසම ඒ මහතාට ලිපියක් එවමින් කියා ඇත්තේ  උසස්වීම්  දිය නොහැකි බවයැයි සෙනවිරත්න මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරාන් පිළිබඳව විමර්ශනය කළ කණ්ඩායමකට ආපසු හැරී එන ලෙස අබේසේකර මහතා නියෝග කළ බව සඳහන් ප්‍රකාශයද අමූලික බොරුවක් යැයි හෙතෙම කීය.

බත්තරමුල්ල පැලවත්ත  ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී මෙම මධ්‍ය හමුව පැවැති අතර ිඑහිදී විශ්‍රාමික  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි පියනන්ද මහතාද අදහස් දැක්වීය.

 

 



අදහස් (10)

‘සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘

විමුක්ති Monday, 24 June 2024 08:37 AM

රන්ජන් එක්ක කරන කතා තියෙන හඩ පට බොරුද එතකොට? රන්ජන්ගේ ගෙදර වලන් හෝදන්න කතා කලේ.

:       36       168

මැක්ස් Monday, 24 June 2024 08:43 AM

ගහ දන්නා ජනතාවට කොළ කඩා පාන්න එපා අබේසේකර මහත්තයෝ. ජවිපෙ වැනි ඉරිසියාවට, වයිරයට, කුඩුකේඩුකමට සහ රුධිරයෙන් පලි පැනීම තම එකම දේශපාලනය කර ගත් ව්‍යාපාරයක් සමඟ එකතු වීම හරහා ඔබ සැරසෙන්නේ කුමකට ද යන්න පොදු ජනතාවට නොරහසකි.

:       60       139

SachinthaMonday, 24 June 2024 12:23 PM

මැක්ස් හරියටම හරි අලුයට ගිනි පුපුරු තියෙනවා වගේ ඕනෑම කෙනෙකුගේ හිතේ පවතින අදහස් විශ්‍රාම ගියාම එළියට එනවා. ඒ අතරේ වුණත් රාජකාරි කරද්දී දේශපාලන අදහස් යාන්තමින් හරි ක්‍රියාත්මක වෙනවා. එහෙම නම් ඔවුන් හරියට රාජකාරි කළාද කියලා සැකයක් ඇතිවීම සාධාරණයි කියන්න පුළුවන්. ඔවුන් කළ පරීක්ෂණ ගැන විමර්ශනයක් කළොත් මොවුන් කියන දේ ඇත්තද බොරුද පැහැදිලි වේවි...!

:       11       95

රංබොඩ Monday, 24 June 2024 09:20 AM

අප්පද බොල දැන් කට්ටියම ජ.වි.පෙ.

:       88       39

විපරමා Monday, 24 June 2024 09:56 AM

මැක්ස් කියන විදියට ජාතික ජනබලවේගය ඔය තරම් භයානක නම් ලෝකයේ ජීවත්වන ලාන්කිකයින් පවා එක්වී සිටින්නේ අහවල් දේකටද? බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ රටට කරපු විනාසේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       45       14

ලුම්බිණි Monday, 24 June 2024 10:06 AM

කතාවෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලංකාව. ලැජ්ජයි. ශානි අබේසේකරලා මොන පක්ෂයට ගියත් මොකද්ද තියෙන අවුල...?

:       39       9

අරවින්ද මොනරවිල Monday, 24 June 2024 11:08 AM

මාරුවෙන් මාරුව මහජන දේපළ හොරකෑව, අවභාවිතකල හා නාස්ති කල පාලකයන්, නීතිය අකුරට ක්‍රියාත්මක කළ රාජ්‍ය නිළධාරීන්ගෙන් පලිගැනීම සදහා බොරු චෝදනා නගා අත් අඩංගුවට ගැනීම් හා රක්ෂිත බන්ධනාගාර ගතකිරීම් හා උසස්වීම් අත්හිටුවිම් වැනි නිහින ක්‍රියාමාර්ග අනුගමනය කරන ලද අතර රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලීය අද බෙහෙවින් කළබලයටත් භීතියටත් පත්ව ඔවුන් සමඟ ගනුදෙනු කල දූෂිත නිළධාරීන් හරහා ඔවුන්ට පහර දෙමින් සිටින්නේ ඔවුන් ජාතික ජනබල වේගය සමග එක්වී ඊළග ආණ්ඩුව පිහිටුවන්න සුදානම් විම නිසා බව පැහැදිලියි.

:       39       10

Asitha Monday, 24 June 2024 01:36 PM

වෙලාවට රංජා ඕවා රෙකෝඩ් කරලා තිබ්බේ. නැත්තන් මෙයා හෙන සුද්ධවන්තයා කියලා අපේ රටේ හරක් හිතාගෙන හිටියේ. රදගුරුත් මෙයාව පාස්කු ප්‍රහාර විමර්ශනේට ඉල්ලන්නේ තවත් ලෙල්ලමක් ලියාගෙන මෙයාට කියලා වලං හෝදගන්න වගේ. පූජකයින් දූෂිත වූ තරමත් හිතාගන්න බෑ...! 

:       8       50

Rata Perata Monday, 24 June 2024 02:32 PM

මෙතන මේ මනුස්සයාගේ වැරැදි කතා කරන ගොඩක් බයියන්ට ඔවුන් පස්සවල් ලෙවකන අයගේ වැරැදි නෑ... ඒක තමයි ඇත්ත.

:       34       7

ගමේ එකාලා Monday, 24 June 2024 05:43 PM

පොලිසියේ සිටින දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් එළියට එයි කියලා බයවෙලා... පැන්ෂන් ගිය නිලධාරීන්ට තමුන් කැමති පක්ෂයක් තෝරා ගැනීමට අයිතියක් තියෙනවා. චමල් රාජපක්ෂත් පැන්ෂන් ගිය රාළහාමි කෙනෙක්ලු...

:       19       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site