IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය.

‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ නමැති මෙම කුඩා නගරයේ පරෙවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, නගර වැසියන්ට උන් හිසරදයක් වී ඇත්තේ උන්ගේ වසුරු නිසාය. පරෙවි වසුරු පිරිසුදු කිරීම නගරසභා නිලධාරීන්ට පවා හිසරදයක් වී ඇතැයි පැවැසෙයි. වෙළෙඳසැල් අවන්හල් වසුරු නිසා අපවිත්‍ර වී ගොසිනි.

ස්වභාවික සතුරක් නොමැති බැවින්, පරෙවියන් ගහනය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ද පැවැසෙයි. එහෙයින්, නගර වැසියන් නගර බලධාරීන්ට දිගින් දිගටම පවසා ඇත්තේ පරෙවියන් මරා දැමීමට ක්‍රමයක් කල්පනා කරන ලෙසය. මේ බව සැලකිල්ලට ගනිමින් පසුගිය ජූනි 20 වැනිදා ජනමත විමසුමක් පැවැත්වුණු අතර, පරෙවියන් මරා දැමීමට නගර වැසියෝ කැමැත්ත පළ කළහ.

නගර බලධාරීන් ඒ අනුව පරෙවියන් මරා දැමීමට සූදානම් වෙද්දී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට විරෝධය දක්වා අධිකරණය හමුවට ගොස් ඇත. එහෙයින්, ජනමත විමසුට අනුව, ක්‍රියා කිරීමට බාධා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ

Ruwan De Silva Sunday, 23 June 2024 06:27 PM

සිංගප්පූරුවේ ඔය වඩේ කරා... හැබැයි තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක් සිංගප්පූරුව දවසක ස්වාභාව ධර්මය දඬුවම් කරයි.

:       14       27

Lalla Sunday, 23 June 2024 09:17 PM

මොන බයිල කිව්වත් නුවර වැව වටේ කුරුලු වසුරු නිසා විනාශයී. කොයි බොහෝ පාරවල් ඒ වගේමයි. ඒ මදිවට යෝධ කොක්කු වර්ගයක් බේරෙ වැව අවට ජරාව දානවා. බෝම්බ අතාරිනවා වගේ. කුරුලු පාලනය ඉස්සර කොළඹ තිබුනා. දැන් බෞද්ධයො වැඩි වෙලා වනසතුන්ට රට දීල...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site