IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගිංතොට ප්ලයිවුඩ් අධ්‍යක්ෂකට ලක්ෂ 75ක දඩයක්

(රෝෂන් තුෂාර)

බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් (7502688.82 ) ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා අද (18) නියෝග කළේය.

අදාල දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවම් නියම් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ආදායම් බදු හා ජාතිය ගොඩනැගීමේ බද්ද නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවේ තීන්දුව නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2006 හා 2008 වසර සඳහා ගෙවිය යුතු ආදායම් බදු වන රුපියල් 846078ක් හා 2015 වසර සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ධ වන රුපියල් 6656610.00 නොගෙවා පැහැර හැරීම වෙනුවෙන් මෙම දඩය නියම කෙරිණි.

අදාල දඩ මුදල ලබන 25 වෙනි දින අධිකරණයේ තැන්පත් කරන ලෙසද නියෝග කෙරිණි.

 



අදහස් (2)

ගිංතොට ප්ලයිවුඩ් අධ්‍යක්ෂකට ලක්ෂ 75ක දඩයක්

ලසන්ත Wednesday, 19 June 2024 02:59 PM

2006 හා 2008 නොගෙවූ බදු රු.7,502,688 යි. කාලයක් නඩු කියලා ගහපු දඩය නොගෙවූ බද්දට සමාන නම් හැමෝම මෙහෙම බදු නොගෙවා සිටීවිනේ! මේ සියල්ල ආනයනය කල ප්ලයිවුඩ් වේ. 2006 ඩොලරය රු.102/=. අවුරුදු 18කට පසුව ගෙවන්න වෙන්නේ රුපියලේ වර්තමාන අගය අනුව සත්‍ය ලෙසම වංචාකළ මුදලින් තුනෙන් එකකි! ඒ මුදල බැංකුවේ තැන්පත්කර හෝ ආයෝජනය කර ඇත්නම් මේ වනවිටත් දඩය වගේ කිහිප ගුණයක් අරගෙන. මාස 6ක් ඇතුලේ සිටියා නම්, ඒ ලක්ෂ 75ත් ඉතුරුයි! මේ නීති හදන්නේත් මේවාටම හවුල් අයද? නඩු පැවරූ පළමු දිනයේම රජයට වංචා කළ මුදල ඇපයක් ලෙස රජයේ ආදායමට ගතහැකි පරිදි නීති වෙනස් කළ යුතුයි. නඩුවෙන් නිදහස් වුණොත් එම මුදල නිදහස් කළ හැකියි...

:       0       6

NalinWednesday, 19 June 2024 06:02 PM

තව ප්‍රකෝටි ගණන් බදු නොගවපු ආයතන කොච්චර තියෙනවාද? ඒවාටත් මේවාගේ තමයි..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site