
(සුමිත් පොතුපිටිය )
කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියගොස්, පුතා තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර නාගොඩ සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටී වත්ත වඩුගේ සදුන් අරවින්ද නමැති (46) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මෝටර් රථය පැදවූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මෝටර් රථය පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
චීන ජාතිකයින් පිරිස ගමන්ගත් මෝටර් රථය බේරුවල දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති අතර , ගොඩබිම දෙස සිට මුහුද දෙසට පාර මාරුවෙමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ දෙන ජාතියේ දඬුවම් දෙන්න.
ලංකාවට චීනෙන් ඇවිල්ලා අපේ එවුන් වගේ නරක් වෙලා. උන්ගේ රටේ ඕක වුනා නම් මෙලහකටත් ඕකට වෙඩි තියලා දඬුවම් දීලා