
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
තමයි ඉවත් නොවී දිගටම සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බව පැවසු සිරිසේන මහතා ඒ අනුව තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා එම තීරණය ගත් බවද කිය.
තමාගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටි නිසා යයිද හෙතෙම කීය.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17)පැවති රැස්වීමක් අමතමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යකාගේ කට ජීවිත කාලයටම වහන්න වාරණ නියෝගයක් ගන්න බැරිවෙයිද?
පුංචි නෝනා වේවා ලොකු නෝනා වේවා තමුන්නැහැට වැඩක් නොකළත් ටික කලකට හරි ජනාධිපති වෙන්න පුළුවන් වුනේ ඔවුන් නිසා කියලා අමතක කරන්න එපා බුදුහාමුදුරුවෝ පවා කෙළෙහිගුණ සැලකීම උසස් කොට සලකා තියෙද්දි තමුන්ට ඉහළට යන්න උදව්කළ ඉනිමගට පයින් ගහන්න එපා කියලා කියන්න ඕනෑ..
තමුන්ව ජනාධිපති පුටුවට ගේන්ඩ කටයුතු කෙරුවේ කවුද කියන එකත් අමතක වෙලා.ආප්ප කාලා පැනපු තමුන් ,අන්තිමට පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජා කරලා රටම ගිනි තිබ්බා. අයියෝ සිරිසේන ?
කොහොම හරි උන් රනිල්ට සහාය. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී බිහිකළ පක්ෂය ජනමතයක් නැති. නිමල් සිරිපාලලා, අමරවීරලා ඇතුළු නඩය නැවත එජාපයටම සම්බන්ධ කරයි
කෙලෙහි ගුණ යනු කුමක්දැයි වත් නොදන්නා, වසලයෙකු ගේ නිර්ලජ්ජිත බවට හොඳම උදාහරණ ඔබ මෙම පුද්ගලයාගෙන් ගත යුතුයි. රටේ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය එක් වරක් නොව කිහිප වරක් උල්ලංඝනය කළ, පක්‍ෂය තම පැවැත්මට ගණිකා වෘත්තීයේ යෙදවූ, තම ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණය කොට එය වැට්ටවූ මෙවැනි වසලයින් මේ ලෝකයේ තවත් සිටිත් ද යන්න ඔබම විමසා බැලීම වටින්නේය.
මම නම් දැන් NPP වුණාට ඉතිහාසය බැලුවාම බණ්ඩාරනායක වුණත් UNP එක කඩාගෙන ආපු කෙනෙක්... කෙලෙහි ගුණ නොදත් කෙනෙක්. අනිත් කෙනා මෛත්‍රීපාල 2015 බලයට ආවාම 2018 වෙද්දීම UNP එකට පයින් ගහලා මහින්දට පුටුව දුන්නා ඒ හින්දාම තමයි අද ආර්ථිකය බල්ලාට වැටුනේ. එහෙම වුනේ නැත්නම් අදටත් ජනපති මෛත්‍රිපාල. ඊළඟට එන ආණ්ඩුව මෛත්‍රී, රනිල්, මහින්ද ඔක්කෝටම දඬුවම් දුන්නොත් තව අවුරුදු 10කට ඡන්ද බලය ලැබෙනවා.