
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට" සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි.
මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට" ජනාධිපතිවරයා පළමුව එක් විය. "දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
75 ක් බලන් හිටියා රට නිදහසෙන් පස්සේ පල්ලන් බැහැපු හැටි. තව 5 ක් බලන් හිටියා කියලා බංකොලොත් භාවයෙන් වෙන කොට පල්ලම් බහින්න
එක දෙයක් නං ෂුවර්... රනිල් හිටියොත් ඉදිරි වසර 5දී අපේ ණය ගොඩට තව ඩොලර් බිලියන 20ක් විතර එකතු කරයි.
රජයේ ඉඩම් බෙද බෙද කොටි හුරතල් කර කර , ඉන්දියාවේ උඩැක්කි තාලෙට නට නට කොහොම හරි බලේට එන්න තමයි හදන්නේ .
මේ කරන්න හදන්නේ මෙන්න මේකයි.මිනිසුන්ට පෙන්නනවා රට ගොඩ කියලා. සමහරු එක විශ්වාස කරනවා. විශේෂයෙන්ම එයාට හිතවත් රෝයල් කොලිටියේ සමාජය. ඒ අනුව සජිත්ගේ සජබෙන් කුට්ටියක් කඩා ගන්නවා. පොහොට්ටුවේ ගොට ට එදා දුන්නු ඡන්ද කොටසක් ගන්න ඉදම් ඔප්පු බෙදනවා සහල් බෙදනවා සහ තව නොයෙකුත් දේ ඒ අතර. අරහෙන් ධම්මික පෙරේරා පොහොට්ටුවේ ඡන්ද ඉලක්ක කරමින් අනුරගේ ඡන්ද කඩන්න හදනවා. මෙයා දිනුවොත් යේ පාර්ලිමේන්තු ඡන්ද ඕනි නැහැ කියනවා. පනතක් ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය දික් කරගන්නවා. එකට වැලේ වැල් නැතුව ඉන්න පොහොට්ටි සෙට් එක එක පයින් අත උස්සනවා. අධිකරණයට ගියත් කාටවත් කරන්න දෙයක් නැතුව යනවා. ඔක්කොම පනත් දැනටමත් සම්මත කරගෙන තියෙන්නේ. කවුරු හරි උද්ඝෝෂණයකට ගියොත් වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කියන දේ අහගෙන දෙන දේ අරගෙන ඉන්න තමයි වෙන්නේ. මතකනේ රාජසිංහව එළවලා අන්තිමේදී රොබට් බ්රවුන්රිග්ට අහුවෙලා කාපු කෑම. ඊට අමතරව ටොරින්ටන්ගේ කෑමත් කන්න ලැබේවි.
මට මතක සිරිමා බණ්ඩාරනායක ඔය කතාව කියපු විදිය.අනාගතේ සැප විඳීමට දැනට දුක් විඳින්න කියලා. බලපුවාම ඇත්ත. උන්ට අනාගතේ සැප විඳීමට අපිට දුක් විඳින්න කියලා තිබුනේ.... අදටත් ඒ මන්ත්‍රය වෙනස් වෙලා නෑ.. අපි තාම දුක් විඳින ජනතාව. උන් දැන් සැප නොව සුරසැප විඳිනවා....