(ඩී.ජී.සුගතපාල)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යතුරු කටු,ගම් බෝතලයක්,සිම් කාඩ්පත් හතරක් සමග සැකකරුවෙක් අද සවස අත් අඩංගුවට ගෙන ඇත.
මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය කළ බස් රථයක් පරික්ෂා කිරීමේ දී මේවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල කණුපැලැල්ල බෝගහඇල්ල පදිංචි 34හැවිරිදි පුද්ගලයෙකි.
පින්නදුව මුර පොලේ පොලිස් නිලධාරින් යුක්තිය මෙහෙුයමට අදාලව අද දහවල් මගි ප්‍රවාහන බස් රථ සහ පුද්ගලයින් පරික්ෂා කිරිමේදි මාකුඹුර සිට ගාල්ල දක්වා පැමිණි බස් රථය පරික්ෂා කිරිමේදි සැකකරු සන්තකයේ තිබි මෙම මත්ද්‍රව්‍ය ඇතුලු උපකරණ තොගය අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd