
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය.
පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එම කොන්දේසි දහය අනුව රක්ෂා හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු කීවේය.
ධම්මික පෙරේරා මහතා මෙසේද පැවසීය.
"මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස්115 ක් තියෙනවා"
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හංගල තියෙන එක තැනක් තමයි මෙන්න මෙයාගේ බිස්නස් . දන්නෝ දනිති . මෙය ජනාධිපති වුනොත් බැසිල්ට එහා .
ඔබ තුමාට 51% ලැබෙනවා කියලා.......කවුරු කියනකන්ද ඉන්නේ......මිනිස්සු දෙයිද.....ඡන්දෙ.....
බංකොලොත් කාරයන්ගේ ගැලවුම් කාරයා
පළමු කොන්දේසිය ජනපති වුණොත් රාජපක්ෂලා හිරේ නොයැවීම
51% ක් කවුරු හරි ලැහැස්ති කරලා දෙනවනම් මමත් ජනාධිපතිවරණයට එනවා විතරක් නෙමෙයි අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා
අපොයි රට හොරා කාපු උන් එක්ක මොන ඡන්දද? හොරා රකින වැඩේ නේ ඔය වෙන්න යන්නේ
හොදයි.ඒත් ඔයාට මේ රටේ මිනිස්සු නම් ඡන්දෙ දෙන්නේ නෑ.දම්මික පෙරේරා කියන්නේ රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය ඒ කලු සල්ලි සුදු කරපු රාජපක්ෂලගේ මිනිහෙක්.අනික දම්මිකගේ ව්‍යාපාර හරහා මිනිස්සු සූරාකැම අදටත් සිදුකරන දෙයක්.මේ හේතූන් නිසාම ඔහුට ඡන්දයකදි කිසිදු වාසියක් නෑ.
අහම්බෙන් ව්‍යාපාරිකයෙක් වුණු මෙයාට හරිහමන් ආණ්ඩුවක් ආවොත් ව්‍යාපාරවලට මුදල් ලැබුණු විදිහ පෙන්නන්න වෙනවා. මෙයාගේ ව්‍යාපාරවල ඉන්නේ මයිනෝ සහ කපුටෝ. දැන් තේරෙනවානේ...!
කවුරු හරි 51% හදලා දෙනවා නම් මමත් ඉදිරිපත් වෙනවා.... ෂුවර් දිනනවා...
මෙතැන අදහස් පළකළ බොහෝ දෙනෙකුට මෙයා මේ එන්න හදන්නේ මොකටද කියලා හරියට තේරිලා නැහැ. මෙයාට ජනාධිපතිකමක් ගන්න ඕනෑ නැහැ. මේ කපුටු ප්ලෑනක්. කලින් පොහොට්ටුවට ලැබුණු ඡන්ද ටික අනුරට හෝ සජිත්ට නොලැබෙන විදියට ඡන්ද කඩන්න. එහි ප්‍රතිඵලය රනිල්ට වාසි සැලසීම. දැන් රට ගොඩ ඒ නිසා දිගටම එයාට දෙන්න ඕනෑ වගේ මත සමාජය පුරා පතුරවනවා. ඉඩම් ඔප්පු සහල් ඇතුළු දේවල් යහමින් බෙදනවා. රනිල් ජනපති වුනොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට පනතකින් වසර පහකට පමණ ආණ්ඩුවේ කාලය දික් කරන්න බොහෝ ඉඩ තියෙනවා. කර කියා ගතහැකි දෙයක් නොමැතිව ඉන්න පොහොට්ටු කණ්ඩායම වහාම අත උස්සනවා. අන්තිමේදී දුෂිතයන් දිගටම යහතින් වැජබෙනවා. සියලු පීඩාකාරී පනත් ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු පාරට බැස්සොත් වෙන දේ දැනටමත් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.
ඉතින් මහත්තයෝ අරගලය වෙලාවේ පොහොට්ටුවේ අගමැති නැත්නම් ජනාධිපති වෙන්න එකෙක්වත් හිටියේ නැහැ. ඔයැයිට තිබුණා නේද මහරජාණෙනි, මං කරන්නම් මට දෙන්න කියන්න ඇයි මහත්තයෝ ඒ වෙලාවේ ඔයැයිට ඉල්ලීම කරන්න කොන්දක් තිබුණේ නැද්ද? ඔහේ තවත් අවුරුදු පහක් දහයක් ඉන්න ලංකාවේ අයට අතීතය අමතක වෙන නිසා... එතෙක් ඉවසීමෙන් හිටියොත් ගොඩම තමයි මම උදාහරණයක් හැටියට කිව්වොත් 1971 හා 1988-89 කාලයේ රට විනාශ කල දැනටමත් වර්ජන මගින් සංවර්ධනය අඩාල කරන මාලිමා කාරයින්ට කඩේ යන පිරිසක් සිටිද්දී දැනටමත් රටට යම් සේවයක් කරන ඔයැයිට 2030 නැත්නම් 2035 දී ජනාධිපති වෙන්න පුළුවන්...
මේ රට කැසිනෝ කාරයින්ගෙයි, ගණිකාවන්ගෙයි.. මාෆියාවන්ගෙයි රාජධනිය කරලා. ආසියාවේ කුණු කන්ද කරන්න අපි කැමැති නැහැ. අපි ඔබට ඡන්දෙ දෙන්නේ නැහැ. ගම්කබරයාගේ ඡන්දෙ ඉල්ලා ගන්න. වැඩිම වුනොත් 5% යි...
මෙයාලගේ සීයා ඉඳන්ම අපි දන්නවා ව්‍යාපාර කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම අඳුරු පැතිකඩක් තියෙන කෙනෙක්. තමන්ගේ සහෝදරයාත් මැරුණේ පාතාල කල්ලි එක්ක තිබ්බ ඩීල් හින්දා, මේ යෝධයා ජනපති වුණොත් නම් මහින්දගේ කාලේට හපන් වෙනවා.
අනිවාර්යෙන්ම රනිල්ට වඩා ඔයාට ඡන්ද ලැබෙයි එහෙම උනොත් ඔබට ලැබෙන්නේ 3 වෙනි තැන රනිල් හතර වෙනි තැනට වැටෙනවා
එන්න එන්න ,ඇවිත් සියලුම රාජ්‍ය සැපයීම් කටයුහ්ටු තමන් අතට අරගෙන යන්න
අවසානයේදී තරංග වදිනවා තමයි .අර වජිර ගොයියා කිවුවා වගේ මිනිස්සු දැන්ම ඉඳන්ම පොර කකා ඉන්නේ මෙයාට චන්දෙ දෙන්න .අන්න අර පිට කොටුවේ ජනප්‍රිය නාට්ටාමිත් චන්දෙ ඉල්ලනවාලු
ඊට කලින් තමන් සභාපතිකම දරන පොදු සමාගම් වලින් ඉවත්ව යාම හොඳ නැතිද?