
(සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්)
පානදුර දුම්රිය පීලිපැනීමෙන් අවහිරවූ එක් මාර්යක් විවෘත කර තිබේ.
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පිළිපැනීමෙන් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය මාර්ගයක් දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් විය.
කොළඹ ජල ධාවක බලාගාර ශිල්පීන් ඇතුළු පනහකට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කරන ලදී.
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මොරටුව - වාද්දුව දක්වා සීමා කෙරේ
2024-06-13
13:43
(මහින්ද නිශ්ශංක)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මොරටුව දක්වා සහ මාතර - ගාල්ල සිට වාද්දුව දක්වා ද සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
පානදුර සිට කොළඹ කොටුව, මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය මාර්ග දෙකම අවහිර වන අයුරින් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ අද උදේ පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
මේ වනවිට පීලි පැන තිබෙන දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කර ඇති අතර දුම්රිය ආපදා රථය එම ස්ථානයට ළගා වී ඇති බවත් ඔහු කීහ.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීලිපැනීමෙන් අවහිර වූ මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කරයි