(යොහාන් භාසුර)

ආන්දෝලනාත්මක බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට අද (13) ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යයි චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය උසස් නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.

බාල ඖෂධ සිද්ධිය සම්බන්ධ නඩුව හෙට අධිකරණයේදී නැවත කැඳවීමට නියමිත බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.