IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බැවින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියලු දේ ආණ්ඩුව සිදු කරන නිසා ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට කිසිදු කර්තව්‍යක් නොමැතිව නිකරුණේ සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට මෙන්ම රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටින එකම පක්ෂය බවට සමගි ජන බලවේගය පත්ව ඇතැයිද රහුමාන් මහතා කීවේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව්වෙන් යම් ආර්ථික ස්ථාවරයක් රට තුළ තිබුණත් රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැති බවත් රටේ ආර්ථිකය ගොඩගන්න විකල්ප වැඩසටහන් සමගි ජනබලවේගයට තිබෙන බවත් රහුමාන් මහතා කීය

 



අදහස් (0)

‘‘ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site