IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙවැනි වාරිකයට IMF අනුමැතිය

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (12) පැවැති රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව තෙවැනි වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.පසුගිය වසරේ අවසානය වනවිට ඉටුකළ යුතුව තිබූ සමාජ වියදම් ඉලක්කය හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සියල්ලම ශ්‍රී ලංකාව සපුරා ඇති බවත් මෙම වසරේ අප්‍රේල් මස අවසානය වනවිට ළඟා කරගත යුතුව තිබූ ව්‍යුහාත්මක ඉලක්ක ඉටුකර හෝ ප්‍රමාදයක් ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයෙන් බැහැර වී නොමැති බවත් මෙරට ණය තිරසරභාවය ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය ගමන් කරන්නේ කුමන දිශාවටදැයි පැවැසීමට අපහසු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.මෙරට ආර්ථිකය කල් පවතින අයුරින් යථා තත්වයට පත් කිරීමට සහ ණය තිරසරභාවය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දරන උත්සාහය සහ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවද  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විධායක අධ්‍යක්ෂකවරුන්ගේ පැසසුමට ලක්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ ඵල දැරීමට ආරම්භවී ඇති බවත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් වීමට ආරම්භ වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. එසේම රජයේ අදායම ඉහළ යමින් පවතින බවත් මෙරට නිල සංචිත ඉහළ යමින් පවතින බවත් විධායක අධ්‍යක්ෂකවරුන් පෙන්වාදුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉදිරි මැතිවරණවලදී දුර්වලතා සහ අවිනිශ්චිතතා මතුවිය හැකි බව විධායක කමිටුව පෙන්වා දුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ශක්තිමත් කරන ලෙස මෙරට බලධාරීන්ගෙන් විධායක කමිටුව ඉල්ලා සිටි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.



අදහස් (3)

තෙවැනි වාරිකයට IMF අනුමැතිය

ඔස්තාර් Thursday, 13 June 2024 05:53 PM

තාම අපේ අටපාස් ආර්ථික ඔස්තාර්ල අදහස් පළකරලා නැහැ වගේ...!

:       0       0

Rata Perata Friday, 14 June 2024 11:59 AM

ණය ගන්නම උපන් ජාතියක් වෙලා අපි

:       1       1

Chandima Friday, 14 June 2024 03:26 PM

දැන් ඔය සල්ලි ඉවරවෙනකල් බෙදලා කියයි අමාරුවේ වැටිලා තිබුණු රට ගොඩගත්තා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site