
(අංජුල මහික වීරරත්න)
සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම පිණිස 2024-4-1 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව එකී තීරණය ක්‍රියාත්මක කිරීම පිණිස ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත.
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තව ගේමක්...
මොනවද සංචාරක වාහන කියන්නේ. තවත් ලොකු දෙයකට අර අඳින්නයි යන්නේ.
කුඩා ප්‍රමාණයේ බස් රථ කියන්නේ ආසන 10 බස් රථ. ආසන 10 බස් රථ වලට 2024 ලැන්ඩ් කූසර් වී 8 එක අයත් වෙනවා