
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්‍රි, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ආයතන අධ්යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ, වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා, දුමින්ද හුලංගමුව, චන්දි එච්. ධර්මරත්න, ඉසුරු තිලකවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
ජනාධිපති අතිරේක ලේකම් ජී.එල්. වර්නන් පෙරේරා මහතා කමිටුවේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටි.
රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතා පිළිබඳ නිසි සැලකිල්ලක් යොමු කර 2025 අයවැයෙන් පියවර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප් හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර ඒ සඳහා කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂඥ කමිටුවට පවරා ඇත.
එම කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍යයැයි විශේෂඥ කමිටුව තීරණය කරන රජයේ නිලධාරින්ගේ සහාය ලබා ගැනීමටත්, අවශ්‍ය තොරතුරු පරිශීලනය කිරීමටත්, මෙම කමිටුවට හැකියාව ඇත.
මේ සම්බන්ධයෙන් වන සිය නිර්දේශ ඇතුළත් වාර්තාව මාස 03ක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදීමටද උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය අවසන් වනතුරු පිනාගේ තව තව කැටයම් ඉදිරියේදී දකින්නට ලැබෙනු ඇත...
රටේ ඇත්තටම වැඩ කරන ජනතාවට මොනම සහනයක් වත් නෑ. පින්පඩිකාරයින්ට ඔක්කොම සැලකිලි. රටක් ගොඩනැගීම කළ හැකිද?
විශේෂඥයෝ මොකටද ?ඔබතුමා සියල්ල දත් කියලා අර රාලහාමි කියනවානේ ?ඔය මොකක්ද හංගලා මොකෙන්ද ගහන කමිටු සෙල්ලම අපි දැන් හොඳට දන්නවා
ඔය කමිටුවේ ඉන්න 9 දෙනාගෙන් පරිපාලන සේවයේ ඉන්න, හිටපු කී දෙනෙක් ඉන්නවද? ඒ ගොල්ලො අනික් අයට සාධාරයක් ඉෂ්ඨ කරනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්
මහින්ද කාලයේ නම් එජාප රජය කාලයේ පත්වීම් ලැබූ අයට අසාධාරණයක් වෙන්න පුළුවන් හැටියට තමයි වැටුප් සංශෝධන කලේ .එම ප්රශ්නය ගැන කුරුණෑගල වෘත්තීය සමිතියක් අසාධාරණ සිදුවූ අයගෙන් මුදල් එකතුකර වැඩ කලා අන්තිමේ සභාපති මැරිලා ගියා ගැටලුවට වෙච්චි දෙයක් නැහැ සමහරක් අයට පුද්ගලික වනසේ වැටුප් සැකසීම කලත් ප්රශ්නය විසදුවේ නැහැ එම ප්රශ්නය මට නම් බලවත් අසාධාරණයක් වුනා යහපාලනය අවසන් කාලයේ විශ්‍රාම වැටුප් ලබන අයට වැටුප් වැඩිකරන්න කටයුතු කලත් ඒක වුනත් දේශපාලන බලපෑම් මත එකම සේවයේ එකම තනතුරේ එකම කාලයේ විශ්‍රාම ලැබූ දෙදෙනෙකුට අඩු වැටුප් ලැබූ කෙනාට වැඩියෙනුත් වැඩි වැටුප් ලැබූ කෙනාට අඩුවෙනුත් ලැබීමට කටයුතු කලා ඉදිරියේ වත් එහෙම නොවෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා
මෙම කමිටුවට දොස්තර කෙනෙක් ඉන්න එකෙන්ම පේනවා මෙම කමිටුවෙනුත් මෙච්චර කල් තිබ්බ ප්‍රශ්න විසඳන්න වෙන්නේ නෑ කියලා. මීට කලින් තිබ්බ ජාතික වැටුප් ප්‍රතිපත්තිය හදන එකට පාදෙණිය ඇතුලු GMOA නඩය රිංගලා තමයි ඔක්කෝම අවුල් වුනේ. දොස්තරලා කවදාවත් කැමති නැ.. තමන්ගේ වැටුපට ආසන්න වැටුපකටවත් වෙන වෘත්තිකයෙක් එනවාට. ඒ නිසා තමා පාදෙණිය ඇතුලු GMOA නඩය ජාතික වැටුප් ප්‍රතිපත්තියට රිංගල තමන්ට ලොකුම හැන්දෙන් බෙදා ගත්තේ. ඒ නිසා තමා ආධුනික දොස්තර කෙනෙක්ට අවම වැටුප ලක්ෂ 2.5 වෙනකොට පශු වෛද්‍ය, දේශීය වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකර වගේ වෙනත් විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට සමස්ත වැටුපම රු 80,000කට සීමාවෙලා තියෙන්නේ. ඒ නිසා තමා රටේ ආර්තිකයට සෘජුවම සම්බන්ධ වෙන වෘත්තිකයො ඔක්කොම රටවල් අත හැරලා ගියේ මීට අවුරුදු ගාණකට කලින්. ඉන්න අය තෘප්තියෙන් රැකියාව නොකරන්නේ... මොකද ඔය අනිත් වෘත්තිකන්ටත් වෙනත් රටවල් වල ඉහළම පිලිගැනීමක් තියෙනවා. ඒ නිසා තමා මේ රටේ ආර්ත්කය මෙහෙම වැටුනේ. මුලු රටේම සියලු ක්ෂේත්‍ර අවුල් වෙලා තියෙන්නේ...
නදුන් මහතාගේ ප්‍රකාශය හරියටම හරි
පත්කරපු සාමාජිකයන් බැලුවම පේනව උන් මේක තවත් අනනව කියල. මුන් දන්න කෙංගෙඩියක් නෑ. උන්ගේ සේවාවට විතරක් බෙදා ගනී.
අන්න බලන්න ඉස්සරහට තමන්ගේ වියදමට සල්ලි මදි වෙන්න කලින් රුපියල් කෝටි අටසිය ගානක් වෙන් කරගත්තා. පොහොට්ටු රැලට කිව්වා විතරයි පට ගාලා කරලා දුන්නා. මේවා එහෙම නෙවෙයිනේ ටිකක් ඇද ඇද කල් දදා ශේප් කරකර ඉන්න ඕනෑ නේද?
නා නා ප්‍රකාර කමිටු නම් පත් වෙනවා. ඒ වුණාට වැඩක් වෙන පාටක් නැහැ. කාලය සහ මුදල් කා දැමීමක් විතරයි සිද්ද වුනේ..?