
(නවරත්න සමරතුංග සහ ගයාන් චින්තක)
පොතුවිල් නිවෙසක නිවුන් දරුවන් අතරින් එක් දරුවකු ඇඟ සේදවීම සඳහා වතුර පිරවූ බේසම මත තබා සබන් කෑල්ල රැගෙන ඒමට ගිය අතරතුර එම දරුවා බේසම මත වැටී ජලය පෙවීමෙන් මියගොස් ඇතැයි පොතුවිල් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ පොතුවිල 07 කොට්ඨාසයේ සෙන්ට්‍රල් පාරේ මොහොමඩ් රහිම් උවයිස් පාතිමා මිහිරියු නැමැති දැරියකි.
ඇය සමග තවත් නිවුන් සොහොයුරියක සිටින බවත් මෙම ළමයාගේ ඇඟ සේදීම සඳහා නිවෙස පිටුපස ජල කරාමය අසල වතුර බේසමේ සිටුවා තබා සබන් කෑල්ලක් ගෙන ඒමට මව නිවෙසට ගොස් ඇති බවත් එවිට කුස්සියේ සිටි අනෙක් නිවුන් ළමයා හඬමින් සිටි බවත් කියති.
පසුව සබන් කෑල්ල රැගෙන එළියේ සිටි ළමයා අසලට එනවිට වතුර බේසම තුළ සිටි ළමයා උඩුකුරුව වැටී හිස වතුරේ ගිලී දෙපා ඉහළට එසවී සිටි බව ඇයගේ මව මොහොමඩ් නිස්ලීම් කානි නැමැත්තිය මේ සම්බන්ධව විමර්ශන කරන පොලිස් නිලධාරින්ට පවසා ඇත.
වැටී සිටි ළමයා එම මොහොතේම යාබද නිවෙසේ අයත් සමග පොතුවිල රෝහලට ඇතුළත් කළ නමුත් ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඒ වනවිටත් ළමයා මියගොස් ඇති බව පවසා තිබේග මෙම නිවුන් දරුවන්ගේ පියා විදෙස් රැකියාවකට ගොස් සිටි බව ද සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙතරම් ඛේදනීය පුවතක් ද... දෙමාපිය නොසැලකිලිමත් බව...
ඔහොම කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති මිනිස්සු වැඩිපුර ඉන්න රටක් දියුණු වෙයිද?