
(ඩී.ජි. සුගතපාල)
උණවටුන රූමස්සල මුහුදේදී අද(11) පස්වරුවේ ධීවර යාත්‍රාවක් පෙරලී එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
අනතුරට ලක්වී ඇත්තේ ගාල්ල දෙවට මුහුදෙන් අද පස්වරුවේ මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවකි.
මෙම යාත්‍රාවේ ධිවරයින් තිදෙනෙක් ගොස් ඇති අතර රළ පහරට හසුව යාත්‍රාව උණවටුන රුමස්සල මුහුදේ දී පෙරලි ඇති අතර එක් අයෙකු පිහිනා ගොඩබිමට පැමිණ තිබේ. ගොඩබිමට පැමිණි ධීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
අතුරුදහන්වු ධීවරයින් සොයා මේ වනවිට නාවික හමුදාව විිසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd