
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,ජාතික සංවිධායක හා භාණ්ඩාගාරිකගේ කටයුතුවලට බාධා කිරීම හා ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීම වළක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය ජූලි 30 දක්වා යළි දීර්ඝ කිරීමට ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(12) නියෝග කළේය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවැන්න මහත්තුරු පැවරු නඩු තුනක් ප්‍රකාරව මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණ
මෙම නඩුවල විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,සාරතී දුස්මන්ත ,නිමල් සිරිපාලද සිල්වා,හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් නම් කර තිබිණි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශවය පසුගිය මාර්තු මස 30වෙන දින කැඳවා තිබු නීති විරෝධී විධායක රැස්වීමකදී පක්ෂයේ භාණ්ඩාගාරික ජාතික සංවිධායක හා ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම නඩු පවරා තිබිණි.
වාරණ නියෝග වලට එරෙහිව විත්තිකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙන්නැයි කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව අදාළ වාරණ නියෝග ජූලි 30 වැනි දින දක්වා යළි දීර්ඝ කිරීමට නියෝග කරමින් නඩු විභාගය එදින තෙක් කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යකඩ ජීවිත කාලයටම බලපවත්වන්න මාධ්‍ය වාරණයක් දාන්න බැරි වෙයිද?
රටේ බදු මුදලින් උසාවි පවත්වාගෙන යන්නේ හැමදාම මොවුන්ගේ ආරාවුල් විසඳන්නද?
රටටම විහිලු සැපයු අසාර්ථකම ජනපති