
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳසල් ආදි වශයෙන් වෙළෙඳසල් වර්ගීකරණය කර එක් එක් වෙළෙඳසල්වලින් විවිධ කසළ බදු මුදල් අය කර ගැනීමට මේ වන විටත් නගර සභා පරිපාලන අංශය දැනුම් දී ඇති බව වෙළෙඳසල් හිමියෝ පැවැසුහ
ඒ අනුව ආපනශාලා හෝටල් හා බේකරි සඳහා මාසිකව රුපියල් 15000ක මුදලක් ද සැලුන් සඳහා මාසිකව රුපියල් 3000ක මුදලක් ද අය කර කෙරෙනු ඇත.
නගර සභාවට වරිපනම් ගාස්තු වෙළෙද බලපත්‍ර ගාස්තු අධික විදුලි බිල් ජල බිල් ගෙවීමෙන් පීඩාවට පත්ව ඇති මෙවන් මොහොතක මෙසේ කසළ බද්දක් අය කිරීමට මහ නගර සභාව ගෙන ඇති තීරණයෙන් මහත් පීඩාවට පත්ව ඔවුන් කබලෙන් ළිපට ඇද වැටී ඇති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මාතලේ සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති කුමා සමරසිංහ මහතා පැවසීය.
මේ පිළිබඳව මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.
මහ නගර සභා සේවකයන්ගේ වැටුප් ගෙවීමේදී සීයට විස්සක මුදලක් එම ආයතන දැරිය යුතු බවට මධ්‍යම රජය දන්වා තිබෙනවා.මේ නිසා මාතලේ මහ නගර සභා සේවකයන්ට වැටුප් ගෙවීමට මිලියන 50ක පමණ මුදලක් උපයා ගැනීමට සිදුව ඇති බැවින් මහ නගර සභාවේ පරිපාලන අංශය ගත් තීරණයකට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කළා යැයි ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්පඩි ගෙන නිකම්ම ඉන්න සේවක රෑන ඉවත්කර දමන්න. පළමු විකල්පය එය නේද?. කාණු පිරිසිදු කිරීම අවහිර වූ ස්ථාන පිරිසිදු කිරීම කැඩීමට කාණු ආවරණය කළ කොන්ක්‍රීට් ලෑලි ප්‍රතිෂ්ඨාපන කිරීම... මේ මොකුත්ම කරනවාද? ඒ මදිවාට කුණු ගෙනියන්න ගානක් දෙන්න ඕනෑ. නැතිනම් කුණු ගෙනියන්නේ නෑ. පළමුව මේවා හොයලා බලන්න..
ඇත්තටම හොඳ වැඩක්... තමන් හරියට කුණු දාන්නෙත් නෑ... සල්ලි දෙන්න කැමැතිත් නැහැ.
මේක හොඳ වැඩක්. කුණු ටික නගර සභාවට දුන්නාට පස්සේ ඉතිරි ටික වියදමක් නැතුව වෙන්නේ නෑනේ. යන වියදම කාගෙන් හරි පිටින් යන්නම වෙනවා. ආණ්ඩුව වියදම බාර ගත්තා කියන්නේ ආයෙත් වක්‍ර බදුවලින් හරි වියදම පියවා ගන්න එපැයි.
ගාස්තු අය කරනකොට නගර සභාවට ලොකු වගකීමක් තියෙනවා... ඒ කසළ ගැන. නගරයම පිරිසිදුවට තබා ගැනීම සහ එම කසල කළමනාකරණය කර ගැනීම වර්ථමාන ලෝකයට ගැළැපෙන පරිදි කළ යුතුයි. පරණ ට්‍රැක්ටර් එකකින් මග දිගේ හැලි හැලී පරිසරයම ගඳ ගස්සවාගෙන යන්නේ නැතිව...