
( ප්‍රසාද් රුක්මල් )
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) බදුල්ලේ දී පැවසීය .
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය .
‘දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ .අපි දැන් එදාට වඩා අද ශක්තිමත් .මැතිවරණය නොතියා ඉන්න බැහැ .ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දාන්න බැහැ .මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .
එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කලොත් ඒ එක්සත් ජාතික පක්ෂයේ අවසානයයි .
අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවාත් කියන්නෙ නැහැ .නිසි වෙලාවට, නිසි කලට එය අපි කියන්නම්.ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට .නැතිව වෙන මොනවාත් පක්ෂ ගැන නොවේ ජනතාව බලාගෙන ඉන්නෙ .
COMMENTS
රෑට රෑට සාකච්චා කරලා දවල්ට පොර ටෝක් දාන්නේ නැතුව ඉන්නවා හලෝ .ඔච්චරටම රට ගැන ,ව්‍යවස්ථාව ගැන හිතනවා නම් ගේනවාකෝ විශ්වාස භංගයක් .මේවා නිකන් සංදර්ශන විතරයි
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. මයිනයි , පින් ජනා යි.... " අපි දෙන්නා එක්වීලා.. සහයෝගයෙන් වැඩේ දෙන්නේ.."
සීයට තුනේ අනුර සහෝ ලංකාවෙ විතරක් නොවෙයි එංගලන්තෙත් ජනාධිපති වෙන සයිස් එකට කැම්පේන් කරන කොට මහින්ද මහත්තයත් තමන්ගෙ උකටලීව ඉන්න පාක්ෂිකයන් උත්තේජනය කරන්න ට්‍රයි කරනවා. කෙසේ වුවත්, ඡන්ද කල් දැමීම නම් සුදුසු දෙයක් නොවෙයි. රෝං ජෙනරේෂන් බේබිලා ඇරෙන්න අනෙක් අය දන්නවනෙ යූඇන්පිය ජන්දෙ කල්දාන්න කරපු ලාම්පු කලගෙඩ් සෙල්ලම.
පොහොට්ටුවට අවසන් ගමන් ගිහින් ඉවරයි ලොක්කා, දැන් තියෙන්නේ අලියාගේ නැට්ට විතරයි, නිසි වෙලාවට චන්දය තිබ්බත් නැතත් අලි නැට්ට අවසන් ගමන් යනවා 2024 ඔක්තෝබර් 15 න් පස්සේ.....හරිය.
වයසට මොලේ මඤ්ඤං වෙලා වගේ...?
ඔබ මේ කතා කරන්නේ කොකේන් ටිකක් බීලා මත් වෙලාද කියලා මට හොඳටම සැකයි...
උඹලා පත් කරපු ජනාධිපතිනේ මේ.කතාව හරියට අපි පත් කරා වගේ
හැබැයි චන්දෙ කල් දාන්න පාර්ලිමේන්තුවේ චන්දයක් තිබ්බොත් ,මූ චන්දෙ කල් දාන්න අත උස්සනවා
මුල අමතක වුනේ වයසට ගිහිල්ලා හැරමිටියෙන් යන නිසා වෙන්නැති!!! පාරක් චන්දෙන් පැරදිලා බලය අත්හැරීම ප්‍රතික්ෂේප කරපු හැටි මැදමුලන මයිනා සීයාට අමතක උනාට රටට අමතක නැත. අන්තිමේදී මැදමූලන ඉලව්වෙ හොටු පෙරාගෙන ජනෙල් කූරු ගනන් කරපු හැටි මගේ ආච්චි තවමත් මතක් කරනවා. එහෙම කෙනාද එජාප යට වැදි බණ දෙසන්න තටමන්නෙ????
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා ,ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත්,ජනතාව රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,පව්ලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු උන්ව දකින එකත් අපිට හරිම පිළිකුල් .
ශ්‍රීලනිප එජාප පොහොට්ටු ඔක්කොටම සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ වලට වූ දේ වෙනවා. හේදිලා අතුගෑවිලා යනවා.
එජාපෙ අවසන් වෙලා බොහෝ කල් නේ ,එක මන්ත්‍රී කෙනෙක්වත් පාර්ලිමේන්තුවට පත් නොවුනේ ඒ නිසානේ
පොහොට්ටුවේ වටේ හිටපු දූෂිත දේසපාලුවන් ,වහල්ලු නම් ඇති . සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආධාරත් හොරාකාපු දූශිතයෙක්, කියන කතා විස්වාස කරන්ඩ තරම් මෝඩ මිනිස්සු දැන් නැහැ.
චන්දෙ කල් දැම්මොත් වෙන්නේ එම කාලය තුල පොහොට්ටුවේ තව ටිකක් අලියට එකතුවෙන එක තමා.අන්තිමට පොහොට්ටුවේ අවසානය තමා ප්‍රතිපලය
පොහොට්ටුවෙ බයියො ටොම් පච ප්‍රචාරය කරලා රනිල් කැළණියේ දායක සභාවෙනුත් ඉවත්කර නයා නටවලා එජාපය විනාශ කලේ 2019 වර්ෂයේ කියලා නොදන්නා කෙනෙක් නැහැ අරගල වෙලාවේ කරකියා ගන්න දෙයක් ඇත්තේම නැතුව ජනාධිපති තනතුර දෙන්න පොහොට්ටුවේ එකෙක් නැතුව ඉදලා දැන් යන්තමින් නැගිටලා පිස්සු කියවනවා... ලංකාවේ ජනාධිපති වෙන්න නම් පොහොට්ටුවෙ එකෙක්වත් නැහැ.. එකක් හෝ ජරාපස්සක් පාර්ලිමේන්තුවේ පුටුවක තියන්න මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය නැතුව බැරිනිසා පිස්සුවෙන් කියවනවා...
ඉතින්, ඡන්දේ තිබ්බත් ඔවුන්ගේ අවසානෙනේ...
ඒ වුනාට අපේ සහය රනිල්ට. එයා අපේ පක්ෂයේ අපේක්ෂකයා
ළගදීම පවුලම හිරේ…..
3% සෙට් එකෙන් කමෙන්ට් කොටලා
මෑත කාලයේදී හොරුන් සහ තක්කඩියන් බිහිකළ මේ කාලකන්නි පක්ෂයේ අවසානය සනිටුහන් වෙලා අවසානයි
නිවන් සුව...!
මේ මනුස්සයා මේ වලපයයි, ගොඩපයයි ඉඳගෙන මුකුත් දන්නේ නැති බබා වගේ කතා කරන හැටි. මෙයත් පට්ටියේ ඉඳගෙනත් බලේ ලබාගන්න හැටි තමයි බලන්නේ. කාපු දේවල් මදිවෙලා. අනේ දැන්වත් යන තැනකට ආගමානුකූලව වැඩකරගෙන ඔය තණ්හාව, ආසාව, දුෂ්ඨකම් නවත්තලා දැම්මොත් නේද හොඳ?
අපි දන්නේ නැහැ පොහොට්ටුව ශක්තිමත් කියලා? හිටපු අයත් පල්ලම් බැහැලා? රැස්වීමක් තියාගන්ඩවත් ගමකට යන්න බැහැ. බලයේ හිටපු කාලේ කියපු කරපුවා දැන් පඩිසන් දෙනවා...