
(ගයාන් සූරියආරච්චි)
තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිද රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව කියන නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිසියට අනුයුක්ත කොළඹ දකුණ III සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයකු (23), කිරම බටගස්ස ප්‍ර දේශයේ පදිංචි (27) පුද්ගලයකු සහ කිරම, වෙළෙදගොඩ ප්‍ර දේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් සොරාගන්නා ලද දේපොළ වලින් කොටසක් ද පොලිසිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමන පොලිසිය, සුනඛ පොලිසිය, ගැහැණු හොරු පොලිසිය, බේබදු පොලිසිය, කුඩු කාර පොලිසිය, මංකොල්ලකාර පොලිසිය, මිනීමරු පොලිසිය... දැන් ජනතාව නෙවෙයි අපරාධ කරන්නේ, පොලිසියේ ඉන්න අමනයෝ තමයි තියන හැම අපරාධයක්ම කරන්නේ... පහත් පොලිසිය
මහ එකා මහා විදියට කප්පම් ගන්නකොට ගෝලයින් සුලුවට, මහ එකයි ඇමැතියයි ගන්න කප්පම් ගැන දෙවියෝම බලාගනිත්වා...!