
(සනත් ගමගේ, බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රියක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිතවී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක හැපී නතර වී ඇත.
පාදුක්ක පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකුතුවාල ලබා 1990 ගිලන් රථයෙන් රෝහල ගත කිරීමට එම අවස්ථාවේ එහි සිටි පිරිස කටයුතු කළේය.
බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර , බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිංග ක්‍රියා විරහිත වීම කියලා තීරණය කර ඉවරද? එහෙම නම් රියැදුරුට වරද පටවන්න පුළුවන්ද?
මම නම් එවැන්නක් බලාපොරොත්තු වුනේ මීට කලින් ... ඔය කියන සාමාන්‍ය සේවා බස් රථ රියදුරන් කොන්දොස්තර ඔක්කොම එකයි.. කිසිම විනයක්, නීතියක් නැහැ.. අනිවාර්යයෙන්ම ඕකුන් වැඩි පිරිසක් කුඩු ගහලා ඉන්නේ..