
(අංජුල මහික වීරරත්න)
පෙට්‍රල් 92 unl නැව් තොග පහක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-7-15 සිට 20251-14 දින දක්වා මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් unl බැරල් මිලියන 1.5 +_5% සපයා ගැනීම සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ.
ස්ථාවර තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය M/s Aditya Birla Global Trading (Singapore) Pte. Lid.වෙත පිරිනැමීම නිර්දේශ කර තිබේ.
ඒ අනුව එම සමාගම වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන්, ඉහළ සිට පහළ පාර්ශ්වයන් දක්වා ලබා දෙන කොමිස් අනුපාතය කුමක්ද? මේ ගැන දැනගන්න මේ රටේ මහජනතාව නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.