
(අංජුල මහික වීරරත්න)
ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිංගික නිදහසක් ආරක්ෂා වෙන්නේ මෙවන් නීති රීති පැනවීමෙන් තමයි. තමන් කැමැති ඕනෑම කෙනෙක් සමග වැඩිහිටි පුද්ගලයෙකුට ලිංගික ඇසුරක් පවත්වන්න වගේම මන් අකමැති ඕනෑම කෙනෙක් ප්‍රතික්ෂේප කිරීම අයිතියත් තිබිය යුතුයි.. නීතිය ඒ සඳහාද ප්‍රතිපාදන ඇති කළ යුතුයි..
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු නීතියක් විය යුතුයි...!
මේවා බොහෝම පරිස්සමෙන් කරන්න ඕනෑ දේවල්, විශේෂයෙන්ම ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධති තවමත් තිබෙන්නේ ඉතා පහළ මට්ටමක... ඒවායේදී සමහර කාන්තාවන් ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් හැසිරෙන හා ප්‍රශ්න ඇති කරන ආකාරයද අප දැක ගන්නට ලැබී තියෙනවා. ඒ නිසා ඉතාමත් සාධාරණව පුරුෂ පක්ෂයටද අසාධාරණයක් නොවන ආකාරයෙන් නීති සම්පාදනය කල යුතුයි.