
(ආරියරත්නරණබාහූ)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවක් සිදු විය.
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ද හමුවූ අනුර කුමාර දිසානායක මහතා ඔහු සමගද සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
COMMENTS
ජනාධිපති වෙච්චි ගමන් 13 දෙනවා කිව්වද දන්නේ නෑ. පුතානෝ වගේ... කොටි ඉල්ලන්නෙම ඊළමනේ...
අද වෙලා තියෙන්නේ තමන්ගේ පක්ෂයේ නායකයින් 13 දෙනාව කිව්වාම සද්ද නැතිව ඉන්න වෙනත් නායකයකු 13 දෙනාව කිව්වොත් ඔන්න සද්දෙ දානවා. නායකයන්ගේ මෙන්ම බොහෝ දෙනෙකුගේ ප්‍රතිපත්තියක් නැති එක තමයි අද රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ.
බලයට ආවොත් රටේ ඒකීය භාවය නැති කරනවා.
අපේ අවුරුද්දක පාලනයක් ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රශ්න 52 කි. එනම් සතියකට එක ප්‍රශ්නයක් මිඩියාවලට දීමයි.