
ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඊශ්‍රායලයේ දී අල්ලාගෙන ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, ඔවුන්ගේ සටන්කාමීන්ට උපදෙස් දී ඇත.
ඊශ්‍රායල හමුදා සති අන්තයේ ගාසා තීරයේ ගොඩනැගිලි දෙකක් වට කර ඊට කඩා වැදී පහර දෙමින්, හමාස් ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සිවු දෙනෙකු බේරා ගත්තේය.
ඊශ්‍රායල හමුදා, එම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සිදු කළේ පලස්තීන සිවිල් වැසියන් 240 දෙනකු මරා දමමිනි.
ඊශ්‍රායල හමුදා යළිත් එවැනි ආකාරයේ පහර දීමක් කළොත්, ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියන්නැයි හමාස් ප්‍රධානීන්, සටන්කාමීන්ට උපදෙස් දී ඇත්තේ ඒ අනුවය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd