
තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.
සූර්ය කුණාටුවක් යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල්ය. මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙයි.
මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වනු ඇති බවත් එය සන්නිවේදන කටයුතු අඩපණ වීමට හේතුවක් වනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල විය. රටවල් බොහොමයක අහස ඔරෝරෝ බොරියාලිස් හෙවත් උත්තර ආලෝකයෙන් හැඩ ගැන්වුණේ එම සූර්ය කුණාටුව හේතුවෙනි.
එම අවස්ථාවේදී බිලියනපති ඉලොන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා කීපයකට බලපෑම් එල්ල වූ බව ද පැවැසිණි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලෝන් මස්ක් ලංකාවට එන්න හැදුව විතරයි! මේ සුර්ය කුණාටුව, ඉලෝන් මස්ක් විරෝධී හඳුන් සහෝදරයාගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරි ද?
ඕක ලංකාවේ තියෙන wilamada බංගලාවට ගෙන්න ගන්න බැරිද ?
අම්මපා. අරලිය ගහ මන්දිරේ පැත්තටද එන්නේ? ජනාධිපති මන්දිරේ පැත්තටද?