
(ගයාන් සූරියආරච්චි)
අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් තිදෙනකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු අවිස්සාවේල්ල සහ ලුණුගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන සිටින මන්නා රමේෂ නැමැත්තා ඩුබායි සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 සහ අවුරුදු 30 වයස්වල පසුවන පූගොඩ සහ අවිස්සාවෙල්ල ප්‍ර දේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd