
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලෙස වැඩි කර ලබාදීම අද ඇල්කඩුව වැවිලි සමාගමේ මාතලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි 1 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කිරීමට ගෙන ඇති තීරණයත් සමග මෙම පඩි වැඩි කිරීම සිදු කර තිබේ.
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ සේවය කරනු ලබන වතු කම්කරුවන් 1500ක් වෙත මෙම වැඩි කරන ලද රුපියල් 1700ක පඩියට අමතරව ඊ.ටී.එෆ් හා ඊ.පි.එෆ් 202.50 එක් වූ පසු 1902.50 වැටුප් වැඩිවීමක් සිදු කරන බව ඇල්කඩුව වෙවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
ඇල්කඩුව වැවිලි සමාගම 2020 වර්ෂයේ සිට ලාබ ලබන රජයේ වැවිලි සමාගමක් ලෙස කටයුතු කරන බැවින් මෙම වැටුප් වැඩිවීම ලබාදීමට හැකි බවත් ඉදිරියේදී මනා කළමනාකරණයක් තුළින් වතු කම්කරුවන්ගේ වැටුප නිසි දිනට ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත සිදු කිරීමට පියවර ගන්නා බවත් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දේශපාලන බලපෑමෙන් ගත්ත තීරණයක් නම්......මුළු තේ කර්මාන්තයම අනතුරේ.......
සාධාරන සමාගමක් තවත් දියුණු වෙිවා
මූතු ඇහේ කටු අනිනවා වගේ නේ. ජෙවිපී එක්ක උද්ඝෝෂණයක් කරලා.. වැටුප අඩු කර ගමු.