
(ටී.කේ.ජී.කපිල )
කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි විදේශීකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 31 හැවිරිදි වඩු කාර්මික වෘත්තීයේ නියැලෙන උගන්ඩා ජාතිකයෙකි.
ඔහු පිළිබඳ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර , ඒ අනුව මොහු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ස්කෑන් පරීක්ෂා වකට ලක් කිරීමේ දී , මොහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ඇති බවට කරුණු සනාථ වීම නිසා , මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි .
මෙම උගන්ඩා ජාතිකයා මේ වනවිට රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 450 ක් පමණ බරැති ගුලි 45 ක් පමණ සිය මළ සමග පිටතට පහ කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd