
( කුෂාන් ජයවර්ධන)
මහනුවර පිහිටි පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයන බව කියන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.
මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්දයෙන් මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන් මෙම පාලිකාව ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට එම රැඳවුම් මධ්‍යස්ථානය තුළදී මුදලට අලෙවි කර ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කළ පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශණ ආරම්භ කර තිබේ.
මෙම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිප දෙනෙකුම සේවයේ යෙදි සිටින අතර වින්දිත දැරියන් 30ක් පමණ එම ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද තොරතුරු ඇතැයි පොලීසය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි තරහට බොරු හදනවා. විශේෂයෙන්ම ඔය වයසේ හරියට වැඩිහිටියන්ගේ යටතේ හිටියේ නැතුව සමාජය එක්කම වෛරයෙන් ඉන්නකොට. ඒ හින්දා පරීක්ෂණ අවසන් වෙනකන් චෝදනාව.. චෝදනාවක්ම විතරයි.
මෙම දරුවන් රජයේ වගකීමක්. දරුවන් රකින්න බැහැ කියන්නේ ඒ රට අසමත් රාජ්‍යයක්...!
මේ රටේ ඉන්න බහුතරය මුදලට ඕනෑම දෙයක් කරන ජාතියක් කියලා ඔප්පුවී හමාරයි. මේ වැනි අප්‍රසන්න ජාතියක් වෙන රටක නැත...
ලංකාව දැන් තනිකරම මෙලේච්ඡ සමාජයක් හරියට පැපුවා, නිව්ගිනියා ස්වදේශීයන් වගේමයි. හැබැයි පම්පෝරි නම් තියෙනවා ඇමරිකාවේ වගේ. ලංකාවේ නීතිය සිංගප්පූරුවේ වගේ කරන්න ඕනේ... එතකොට තමයි හදන්න පුළුවන් රට...!
චැනල් 50 ක විතර උදේ ඉඳලා රෑ වෙනකම් බන කියනවා. වැඩක් උනාද