(සුජිත් හේවාජුලිගේ )
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වාදෙති.
රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දෙදාහසකගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් දැනට සිටින්නේ දෙදහස් එකසිය පනහක් පමණ බවද එම ආරංචි මාර්ග කීවේය.
සෞඛ්‍ය සේවයට විශේෂඥ වෛද්‍යවරුන් අනුමත කෙරුණු සංඛ්‍යාව හාරදහසකි.
මෙසේ බරපතල හිඟයක් පවතින්නේ ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම අංශවල වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශයන්ට ගොස් ඇති හෙයින් මෙම හිඟය මතුව ඇතැයිද සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.
විදේශයන්ට යන විශේෂඥ වෛද්‍යවරුන් නැවත නොඑන බවත් එම පිරිස් මෙරට රඳවා ගැනීමට කිසිදු විධිමත් වැඩ පිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මකවී නැති බවත් එම නිලධාරීහු ප්‍රකාශ කර සිටිති.
විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවලටය. ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම ඇතුළු ආර්ථික ගැටලු වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශගතවීමට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ කරුණු සොයා බැලීමකදී පෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බරපතළ ලෙස පවතින නමුත් රෝහල්වල ප්‍රතිකාර සේවා කටයුතු සුදුසු පරිදි කළමනාකරණය කරගනිමින් පවත්වාගෙන යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
SARRC රටවල වෛද්‍යවරුන්ට මේ රටේ සේවය කිරීමට අවසර දිය යුතුයි...!
සුදුසු කළමනාකරණය යනු කනිටු දොස්තරලාට පත් වීම් නොදී ඔවුන්ගෙන් වැඩ ගන්න එකද? ඉතිරි වී ඇති දොස්තරලා අමාරුවෙන් වැඩ ටික ඇදගෙන යනවා. දැඩි පීඩනය යටතේ ඔවුන්ටත් වැරැදීමට ඇති ඉඩකඩ වැඩිවෙනවා. තත්ත්වය බාල වෙනවා. පත් වීම් නොදුනහොත්, අන්තිමට ඒ අයත් ඉතිරි වන්නේ නැහැ. එතකොට තවත් ප්‍රශ්න...
අපරාදෙ කියන්නේ මෙයාලගෙන් සමහරක් ඔය රටවල් වලට ගියත් ඒ රටවල්වල දොස්තර විභාග කරගන්න බැරිව ඌබර් දිවීම වැනි රස්සාවල් කරකර ඉන්න එක.
ලොකු දොස්තරලා නැතිවුනාට, ජනාධිපති උපදේශකයෝ වැහි වැහැල . ඔවුන්ගේ සුදුසුකම් මොනවාද දන්නේ නැහැ
ලංකාවේදොස්තරලට කොච්චර වැටුප් දුන්නත් සෑහීමකට පත් වෙනපිරිසක් නෙවෙයි. නවක වෛද්‍යවරයෙක්ට දැන් අවම වැටුප ලක්ෂ 2.5. වසර 5 කට වරක් වාහන පර්මිට් එකක් දෙනව. පුද්ගලික සේවයේ යෙදෙන්න රජයෙන් අවසර දීල තියෙනව. වෙන වෘත්තිකයන්ට පුද්ගලික සේවයෙ යෙදෙන්න තහනම් කර තියෙද්දීත්. බැංකු වලින් වෙන වෘත්තිකයට වඩා අඩු පොලියට රු. කෝටිය දක්ව ණය ගන්න පුලුවන්. වාහන රක්ෂණ සදහා සාමන්‍ය පාරිභෝගියෙක්ට වඩා 30% අඩු කිරීමක් දෙනව. රජයෙන් දෙන DAT දීමනාව පමණක් වෙන විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක්ගෙ මුලු වැටුපට සමානයි. මෙච්චර දුප්පත් රටක නොමිලෙ උගන්නල සාපේක්ෂව දෙන්න පුලුවන් ඉහළම වැටුප් සහ වරප්‍රසාද දීලත් රට යනවනම් ඒක ඔව්න්ගේ ආර්මාර්තකාමි බව මිසක් වෙන මොකුත් නොවෙයි. වෙන රටවල ලක්ෂ 20-50 වැටුප් දෙන එක ඇත්ත, නමුත් ඒ රටවල් වල පාර අතුගාන මනුස්සයටත් ලක්ෂ 10 ක් වගෙ වැටුප්. ඉතාම දියුණු රටවල්. අනික ඒ රටවල් දොස්තරලට නිකන් උගන්නල නෙවෙයි ඒ පඩිය දෙන්නෙ. උපාදියට කෝටිගානක් අයකරල. ඒ නිසා ඒ රටවලයි ලංකාවෙයි වැටුප් සන්සන්දනය කරනව කියන්නෙ GMOA එකෙ මෝඩකම සහ ජනතාව නොමගයැවීම.
එක්කො ලංකාවෙ නොමිලෙ ඉගෙන ගෙන රට පනින දොස්තරලට එරෙහිව නීති ගෙන්න ඔනි. නැත්තම් උපාදියෙ වටිඅනකම අය කර ගන්න ඔනි. වෙන වෘත්තිකය්න්ට මේක අදාල නෑ. ඔව්න්ගෙ උපාදි පුද්ගලික ගන්න ඉඩ දීල තියෙන නිසා හිඟයක් නැ. දොස්තරල පුද්ගලික ව් වි දාන්න දෙන්නෙත් නැ. වෙන එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැ. තමන් රටේ ඉන්නෙත් නැ. කෝටි ගානක උපාදිය නිකන් දෙනකන් ලංකාව හොඳයි. නිදහස් අද්‍යාපනය නිදහස් සෞක්‍ය කිය කිය පෙල පාලි ගිහින් උපාදිය ගත්ත ගමන් රට පනිනව. කො එතඔට ජනතාවට තිබ්බ ආදරේ. පුදුම කුහක කමක්
ඔය හොරෙන්ම රට ගිය සෙට් එකට පුළුවන් ගිය පාර කියත්මගේ සෙට් එක රට කෑව වගේ ආපහු කාලෙක ලංකාවට ඇවිත් රට කන්න.ඔක්කොම කෙලවෙනකන් ඉඳල හොරෙන්ම රට පැනල තමන්ගෙ ළමයින්ට හොඳට උගන්වන ගමන් ෆේස්බුක් එකෙන් ඇවිත් රට රකින්නයි රට හදන්නයි හදන අමුම අමු කුහකයො තමයි ඔය රට පනින දොස්තර සෙට් එක.