(ජේ.ඉඳුරුවගේ)


ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා පුළුල් පරාස දත්ත සේවාව සැපයීම සඳහා ඉල්ලුම් කර ඇති සීමාසහිත ස්ටාර් ලින්ක් ලංකා පුද්ගලික සමාගම වෙත අදාල බලපත්‍රය ලබාදීම පිළිබඳව මහජන අදහස් විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි.

ඒ අනුව  මහජනතාවට  සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට  මේ පිළිබඳව  සිය අදහස් හා විරෝධතා ඇත්නම් ඒවා  ජුනි 24 දක්වා  මෙම  කොමිෂන් සභාව වෙත   ඉදිරිපත් කළ හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

එලෙස ලැබෙන අදහස් හා විරෝධතා සළකා බැලීමෙන් පසු අදාල නීති රීති හා කොන්දේසිවලට එකඟව  ස්ටාර් ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර් ජාල දත්ත සේවාව දිවයින තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලපත්‍රය නිකුත් කිරීමට  සළකා බලමින් සිටින බව වාර්තා වේ.