IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම  විභාගයට ගැනීම  සඳහා  සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත්  පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අභියාචනාධිකරණය අද (07) තීරණය කළේය.

අභියාචනාධිකරණ මෙසේ නියෝග කළේ නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අභියාචනාධිකරණ  සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා   සහ අභියාචනාධිකරණ  විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා  අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම මීට පෙර  අභියාචනාධිකරණ විනිසුරු ලෆාර් තාහිර් මහතා හමුවේ කැඳවනු ලදයි කීය.

 එහිදී එම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව  ඒ බව තීරණය කිරීම සඳහා සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලද බව නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා කීය.

 පෙත්සම්කරුට එරෙහි මහාධිකරණ නඩුව ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා බැවින් මෙම පෙත්සම පූර්ණ මිනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ ය.

 ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම  විභාගයට ගැනීමට සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කිරීමට තීරණය කළේය. 

 ඒ අනුව පෙත්සම් ලබන 25 වැනිදා නැවත කැඳවන ලෙස ද නියෝග කෙරිණි.



අදහස් (0)

කරන්නාගොඩගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site