IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’හර්ෂට මරණ තර්ජන’’: සජිත් ගෙන් පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාට එම විමර්ශන නවතන ලෙසට කිසියම් කණ්ඩායමක් තර්ජනය කර ඇති හෙයින් ඒ ගැන වහාම සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්   කතානායකවරයාගෙන්  පාර්ලිමේන්තුවේදී අද (7) ඉල්ලීමක් කළහ.

හර්ෂද සිල්වා මහතා ගුවන්තොටුපොළේ වීසා ගනුදෙනුව ගැන සොයද්දී ඒ ගනුදෙනුවෙන් සල්ලි ගත්තු අය "තමුසේ මේවා හොයන්න එපා" යනුවෙන් තර්ජනය කර ඇති බවත් මේ තත්වය හේතුවෙන් හර්ෂ මන්ත්‍රීතුමාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත්  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී   මුජිබර් රහුමන් මහතා  පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ හර්ෂද සිල්වා මහතා පැවසුවේ තමාගේ ආරක්ෂාව ගැන කතානායකවරයාට වගකීමක් ඇති බවයි.

"මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරෙ මරලා දැම්මොත් මේකෙ පිටිපස්සේ ඉන්න කට්ටියට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට  කරන්න කියන්නේ. මේකේ වංචා දූෂණ වහන්නද කියන්නේ. මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද" යැයි මන්ත්‍රීවරයා කීවේය.

කටුනායක ගුවන්තොටුපළේ වීසා අර්බුදය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන  බවද  ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ අර්බුදය ගැන සෙවීමට යද්දී හර්ෂද සිල්වා මහතාට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්  තර්ජනය කරන බවයි

මහ බැංකු ගනුදෙනුවට වැඩි විනාශයක් මෙතන සිදුවී ඇති බවත් එතුමාට තර්ජනය කිරීම වහා නවතන ලෙස තමා ඉල්ලා සිටින බවත්  විපක්ෂනායකවරයා කීවේය.

කතානායක;

ඒ ගැන මට  පැමිණිල්ලක් ලැබිල නැහැ.
කවුද ඔබට තර්ජනය කළේ.

හර්ෂද සිල්වා මහතා;

මේක යට අදෘශමාන බලවේගයක්  ඉන්නවා. මම දන්නේ නැහැ කවුද කියලා. මම කියන්නේ මගේ ජීවිත ගැන අවදානමක් තියෙන එක විතරයි.

කතානායක;

ඔබේ ජීවිතයට තර්ජනයක් තියෙනවද?

හර්ෂද සිල්වා මහතා;

මගේ සපත්තු දෙකට ඔබතුමා ආවොත් මෙතන තියෙන ගැටලුව මොකක්ද කියලා තේරේවි..

කතානායක;

එහෙම තර්ජනයක් තියෙනවානම් කියන්න. විභාග කරන්න පුළුවන්

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා;

සමහරු ඔය චෝදනාව මටත් එදා  දැම්මා.



අදහස් (6)

’’හර්ෂට මරණ තර්ජන’’: සජිත් ගෙන් පැමිණිල්ලක්

Vithana Saturday, 08 June 2024 07:49 AM

තර්ජන කරපු අයගේ කට හඬවල් අනුරගේ, ටිල්වින්ගේ, හඳුන්නෙත්තිගේ, ලාල්කාන්තගේ කටහඬවල් සමඟ සංසන්දනය කරලා බැලිය යුතුයි.

:       1       0

lelwala Saturday, 08 June 2024 09:53 AM

තමන්ට මරණ තර්ජනයක් ඇත්නම් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වී කතා නොකර පොලිසිය සිඅයිඩි වලට පැමිණිලි නොකලේ මන්ද?

:       0       1

Nimal Saturday, 08 June 2024 11:04 AM

විපක්ෂයේ ඉන්නනකල් මෙයාලාට හොරු අල්ලන්න මාර උනන්දුවක් නේ තියෙන්නේ..

:       0       1

fairoos Saturday, 08 June 2024 11:48 AM

මෙහෙමත් කතානායකයෙක් ලංකා ඉතිහාසයේම නෑ.

:       0       8

ගමේ එකාලා Saturday, 08 June 2024 06:05 PM

පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ රකින කතානායක ගැන මොන කතාද ?

:       0       2

Perera Sunday, 09 June 2024 02:44 AM

සජ්ජට නම් කවුරුවත් තර්ජනය කරන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site