
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් තිබෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
ඒ හේතුවෙන් සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇති බවද ඇය පැවැසුවාය.ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් චීන අපනයන ආනයන බැංකුව සමගද අවසන් ගිවිසුමකට එළඹීම සඳහා ඒ ආකාරයෙන්ම සාකච්ඡා පවත්වා ඇති බවත් කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.
ඉතාමත් ඉක්මණින් ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කරහිමියන් සමගද ශ්‍රී ලංකාව අඛණ්ඩව සාකච්ඡා පවත්වන බව කොසැක් මහත්මිය පැවැසුවාය. චීන සංවර්ධන බැංකුව සමඟ පවත්වන සාකච්ඡාද ඉහළ මට්ටමක තිබෙන බව කොසැක් මහත්මිය පැවැසුවාය.ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දරමින් තිබෙන බවත් ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විදිහේ ණය ප්‍රතිව්‍යුහගත කලත්, මොන ප්‍රතිසංස්කරණ කලත් පාලකයින් හොරාකාපු ඔය ණය කන්දරාව අසරණ ජනතාවටම තමයි..."උන්න හැටියට මළා මදැයි" කියන තත්වයට තමයි මේ රටේ ජනතාව පත්වී සිටින්නේ...රාජපක්ෂලා ඇතුළු හොර නඩය හොරා කාලා බංකොලොත් කල මේ රට ගොඩගන්න මේ ආත්මෙදී නම් බැරිවෙයි...අඩුතරමේ අද ගෑස් ටික හා තෙල් ටිකවත් ලැබෙනවා... එදා යහපාලන සමයේ මේ රටේ ජනතාවට විශාල ආර්ථික ප්‍රතිලාභ හා වැටුප් වැඩිවීම් ලැබී තිබුනා...
වෙනත් වචනවලින් කියනවා නම් චීනය තමයි දැන් ලංකාවේ ආර්ථිකේ බොහෝදුරට මෙහෙයවන්නේ...!