IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි දැඩි බලාපොරොත්තුවක් තිබෙන බව එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ඒ හේතුවෙන් සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇති බවද ඇය පැවැසුවාය.ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් චීන අපනයන ආනයන බැංකුව සමගද අවසන් ගිවිසුමකට එළඹීම සඳහා ඒ ආකාරයෙන්ම සාකච්ඡා පවත්වා ඇති බවත් කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

ඉතාමත් ඉක්මණින් ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීමේ අරමුණින් බාහිර බැඳුම්කරහිමියන් සමගද ශ්‍රී ලංකාව අඛණ්ඩව සාකච්ඡා පවත්වන බව කොසැක් මහත්මිය පැවැසුවාය. චීන සංවර්ධන බැංකුව සමඟ පවත්වන සාකච්ඡාද ඉහළ මට්ටමක තිබෙන බව කොසැක් මහත්මිය පැවැසුවාය.ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දරමින් තිබෙන බවත් ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය.



අදහස් (2)

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය

බද්රානි Friday, 07 June 2024 07:46 PM

මොන විදිහේ ණය ප්‍රතිව්‍යුහගත කලත්, මොන ප්‍රතිසංස්කරණ කලත් පාලකයින් හොරාකාපු ඔය ණය කන්දරාව අසරණ ජනතාවටම තමයි..."උන්න හැටියට මළා මදැයි" කියන තත්වයට තමයි මේ රටේ ජනතාව පත්වී සිටින්නේ...රාජපක්ෂලා ඇතුළු හොර නඩය හොරා කාලා බංකොලොත් කල මේ රට ගොඩගන්න මේ ආත්මෙදී නම් බැරිවෙයි...අඩුතරමේ අද ගෑස් ටික හා තෙල් ටිකවත් ලැබෙනවා... එදා යහපාලන සමයේ මේ රටේ ජනතාවට විශාල ආර්ථික ප්‍රතිලාභ හා වැටුප් වැඩිවීම් ලැබී තිබුනා...

:       0       0

Perera Sunday, 09 June 2024 02:51 AM

වෙනත් වචනවලින් කියනවා නම් චීනය තමයි දැන් ලංකාවේ ආර්ථිකේ බොහෝදුරට මෙහෙයවන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site