
(තුසිත කුමාර ද සිල්වා)
මරදාන සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් දුම්රියේ මගින් සහිත මැදිරිහතරක් අලුත්ගම දුම්රිය ස්ථානයට මීටර් 500ක් පමණ නුදුරින් අද (7) රාත්‍රියේ ගැලවී ඇති අතර එම මැදිරි හතර නොමැතිව එන්ජිම සහිත සෙසු මැදිරි අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා පැමිණි බව අලුත්ගම දුම්රියේ ස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.
මෙම දුම්රියේ මැදිරි ගැලවී ගොස් ඇත්තේ රාත්‍රී 7.40ට පමණ බවත් පසුව දුම්රිය පසුපසට ධාවනය කර ගැලවුණු මැදිරි හතර සවිකර නැවත අලුත්ගම ස්ථානයට පැමිණි බව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
එහිදී දුම්රිය පණ ගැන්වීමට යෑමේදී විදුලි පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇති අතර, පසුව රාත්‍රී නමයට පමණ නැවත දුම්රිය යථා තත්ත්වයට පත්කර බෙලිඅත්ත දක්වා ගමන් ආරම්භ කළ බව අලුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදිරි 4ක් මඟ දමා බෙලිඅත්ත දුම්රිය අලුත්ගමට ගිහින්
Nandalal DE SILVA - France Saturday, 08 June 2024 03:14 AM
අපේ කෝච්චි සේවය මාරයි..එක්කෝ හැමදාම දෙක තුනක් පිලි පැනලා. අද තමා දුම්රිය සේවයේ අලුත්ම රංගනය මගින් වැඩි නිසා ද කොහෙද?
Perera Sunday, 09 June 2024 02:38 AM
ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ හැමතැනම එක්කෝ පෙට්ටි ගලවලා නැතිනම් පීලි පැනලා, ලංකාව ඉදිරියට යෑමක් නැහැ.