
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් නමැත්තන්ගේ සමීපතමයන් දෙදෙනකු විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවියක් උණ්ඩ 54 ක් සහ හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විදෙස්ගතව සිටිමින් මෙරට අපරාධ ජාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙමින් මනුෂ්‍ය ඝාතන සිදු කරනු ලබන අපරාධකරුවන් පිළිබඳ සිදුකළ විශේෂ විමර්ශනයකදී අලගෝරම් ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් යන අය සම්බන්ධයෙන් සිදුකල විමර්ශණයේදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය කොටුවිල සහ අවිස්සාවේල්ල මීගහවත්ත ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම ඒකකය පවසයි.
වැල්ලම්පිටිය කොටුවිල දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ සහෝදරයෙකු පදිංචිව සිටින කොටුවිල ප්‍රදේශයේම නිවසක් පිටුපස වල දමා තිබූ විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවිය මැගසිනයක් සහ මිලි මීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 54 ක් සැකකරුගේ සහය මත සොයා ගැනීමට හැකිව ඇති අතර එම ගිනි අවිය යම්කිසි ඝාතනයක් සදහා යොදා ගෙන ඇතිද යන්න වැඩි දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රතුපාට ටී ෂර්ට් එක ඇඳලා ඉන්නේ ජෝති රූබන්ද?