සුජිත් හේවාජුලිගේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගෙන් කොටුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් පැයකට වැඩි කාලයක් ප්‍රශ්න කර අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඉන් පසු එම පොලිස් කණ්ඩායම ගැටුම සිදුවූ ජනාධිපති කාර්යාලයට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවේ.
තමා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගිවී එළියට පැමිණෙමින් සිටියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අතින් පයින් පහර දුන් බව ගුණතිලක රාජපක්ෂ මහතා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු තමාට මෙසේ පහර දුන් බව ද රාජපක්ෂ මහතාගේ කට උත්තරයේ සඳහන් වේ.
පාදයේ පැය හතරක ශල්‍යකර්මයෙන් පසු දැඩි සත්කාරයකට ඇතුළත් කරනු ලැබ සිටි ගුණතිලක රාජපක්ෂ මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට පෙරේදා (5) ඇතුළත් කරනු ලැබීය.
මේ අතර ගුණතිලක රාජපක්ෂ මහතා සිය ආබාධය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කළ බව ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.
ගැටුම සම්බන්ධයෙන් කට උත්තර සියල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.
අනතුරුව අධිකරණ ලබාදෙන නියෝග අනුව පොලිසිය අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය ක්‍රියාත්මක කිරීම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට පැහැදිලි උදාහරණයක්.
කොයි නන්දලත් කොයි රාජපක්ෂලත් වෙනසක් නැහැ එක වල්ලේ පොල් වගේම තමයි එක් අතකින් උන් දෙන්නම පොහොට්ටුවෙ එවුන්නේ ගණන්ගන්න දෙයක් නැහැ
අර පොඩි ළමයාට ගහපු එකාව පැය 24න් ඇල්ලුවා මහින්දානන්ද ඇල්ලුවේ නැත්තේ ඇයි? නීතිය පොඩි මනුස්සයාට විතරද දඩුවම් කරන්නේ?
අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරන්න
දැන් කියයි මට ගැහුවේ නෑ. කකුල ලිස්සලා වැටුනේ කියලා. නැත්නම් මයිනගෙන් මේ මිනිහට විසුමක් වෙන්නේ නෑ.
මෙය සිදුව ඇත්තේ කාටද, කොහේද, මල්ලේ පොල්ද වගේ කතා වැඩක් නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන සහ ව්‍යවස්තාව මගින් සහතික කොට ඇති ඕනෑම කෙනෙකුට හිරිහැර, ශාරීරික වධ හිංසා වලින් තොරව ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය කිරීම බරපතල වරදකි.තුවාල සිදුකර මරණ තර්ජනය කිරීමද අපරාධමය වරදක් වන විට, මහින් දානන් ද වැනි මැර අපතයෙක් නිදහසේ සමාජයේ තවම සැරිසරන්නේ කාගේ හයියෙන් ද? ඒ නරුමයාව වහාම අත් අඩංගුවට ගෙන, සමාජයේ සෙසු අයගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය.
දැන් සති 3 කට කලින් ඇමැති කෙනෙක් ගුවන්තොටුපලට අනවසරයෙන් ආයුධ සන්නන්ධව ඇතුළු වුන , සේවකයකුට පහර දුන්න , ගිය සතියේ තොන්ඩමන් ආයුධ සන්නන්ධව කර්මන්තශාලවකට ඇතුල්වෙලා , පාලකයන්ට හිරිහැර කරලා එහි කටයුතු අඩාල කරා , එම සිද්ධියෙන් කෙනෙක් තවම ඉස්පිරිතාලේ , මේ සතියේ මහින්දානන්ද තව මන්ත්‍රී කෙනකුගේ කකුල කැඩෙන්න ගහල ඔහු අයිසීයු එකේ , මේ මොකකටවත් තවම කවුරුවත් රිමාන්ඩ් කරලා , නිතිය ක්‍රියාත්මක කරලා නැහැ නඩුපවරිමක් නැහැ , මෙහෙම ගියොත් සමහරවිට ඇමැතිලා ලබන සතිය වනවිට රාජකාරි ගිනි අවි වලින් මිනිස්සු මරන්න පටන්ගනිවී , සමහර විට ප්‍රසිධියේ එකිනෙක සමග වෙඩි තියන්න ගන්න පටන්ගනිවී , ඇමති මණ්ඩලේ සාමාජිකයන්ගේ විනයවත් හදාගන්න බැරි ජනාධිපති සහ අගමැති ෆේල් , මේ ගොල්ල කොහොමද රටවල් දියුණු කරන්නේ
බාලවයස්කරයන් අපයෝජනය මම තරයේ හෙලා දකිනවා. නමුත් මමත් රුවන් ද සිල්වා මහතාගේ අදහස සමග එකඟ වෙනවා , නීතිය බොහෝ විට උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහට .ලොකු මිනිහ තමන්ට ඕනේ විදිහට පිස්සු නටනවා ,
සීසීටිවී දර්ශන නැද්ද?