(සුමිත් පොතුපිටිය)

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකට බැණාගේ ඔලුවට පොරව පහරක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකුගේ හිසට පොරව පහරක් එල්ල කර ඇති බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පහරදීමට යොදාගත් බව කියන පොරවද පොලිස් භාරයට ගෙන ඇති බවත්,සැකකරු වෘත්තියෙන් ගස් කැපීම සිදුකරන පුද්ගලයෙකු බවත් පොලිසිය කීය.

පහර කෑමට ලක් වූ පුද්ගලයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.