
(සුරංග රාජනායක සහ සුදත් එස්. කුමාරසිරි)
ආදර සම්බන්ධතාවට මවුපියන් අකැමැති වුණැයි බාල වයස්කාර පෙම් යුවළක් රම්බොඩ ගැරඬිඇල්ල දිය ඇල්ලෙන් පහළට පැනීමෙන් තුවාල ලබා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මෙසේ දිය ඇල්ලෙන් පැන ඇත්තේ පුස්සැල්ලාව රොච්චයිල්ඩ් වත්ත පදිංචි දරුවකු හා පෙරට්ඨාසි මේමලේ කොටසේ පදිංචි දැරියක බව පොලිසිය කියයි.
17 වැනි වියේ පසුවන මේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවට දැරියගේ නිවෙසින් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ප්‍රකාශ කර ඇතැයි කියයි.
මොවුන් අලුයමදී රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයට ගොස් එම දිය ඇල්ලේ ඉහළට පියමංකර එහිද කාලය ගත කර මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
දිය ඇල්ලෙන් පහළට පැන්න ද තරුණයා ජීවිතක්ෂයට පත් නොවී තුවාල පමණක් සිදුව තිබු නිසා ඔහු දිය ඇල්ලෙන් ඉතා අපහසුවෙන් ඉහළට පැමිණ අවට ප්‍රදේශවාසීන්ට සිද්ධිය පවසා තිබේ.
ප්‍රදේශවාසීන් දිය ඇල්ලෙන් පහළට බැස තරුණිය සොයාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඇය ගොඩට ගෙන දෙදෙනාම මෙසේ රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු හරිම මොඩයි, උගත් වුණත් වැඩක් නෑ. එක්කෝ අවුරුදු 21 වෙනකම් ඉවසලා බැදලා වෙනම ජීවත් වෙන්න පුළුවන් නේ. යුරෝපයේ වගේ නම් එහෙමයි. ලංකාවේ නම් කොකටත් තයිලය සියදිවිනසා ගැනීම.
අවුරුදු 17 කියන්නෙ ළමා කාලය. ආදරයක් , ජීව්තයක් , අනාගතයක් ගැන කිසිම වගකීමක් නැති කාලයක්. මෙවැනි නොමේරූ දරුවන් ගෙ ආදර සම්බන්ධ තා ගැන වැඩිහිටියන් ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි . මොකද ආදරය කිරීම කියන්නෙ බරපතල වරදක් නොවන නිසා.
ආදරයේ වේදනාව කොහොමද…? දැන් සැපද….?
දිය ඇල්ලකින්වත් හරියට පැනලා මැරෙන්න බැරිකොට තව කොහෙද ජීවිත සටන ගොඩ දාන්නේ
දෙමව්පියන්ට රිදවන්න ඇල්ලෙන් පැන්නා. දැන් දෙන්නා විඳවපල්ලා. දෙන්නගෙන් එකෙක් මරුනනම් අනිකට ජීවිතේම විඳවන්න වෙනවා කොරපු මෝඩකම මතක් කර කර.