(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ(5) සුභ පැතුම් පිරිනැමූහ.
මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයකු බවයි.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙ යෝධයා ලෙස කවුරුත් දන්නා ඉන්දියාව ආසියානු රටවල් සමග ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය සහයෝගය සහ එකමුතුකම ගෞරවයෙන් සිහිපත් කළ අගමැතිවරයා මෝඩි මහතාගේ ජයග්‍රහණයෙන් දැවැන්ත ජයග්‍රහණ උදා කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි ප්‍රකාශ කළේය.
ඉන්දියාව සමග අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඇද වැටුණු අවස්ථාවේදී මෝදි අග්‍රාමාත්‍යවරයා සහෝදරයකු මෙන් සැලකූ ආකාරය කිසිවෙකුටත් අමතක නැති බවයි.
රට ඇද වැටුණු මොහොතේ ශ්‍රී ලංකාවට වැඩිම ආධාර දුන්නේ ඉන්දියාව බවද ප්‍රේමදාස මහතා ගෞරවයෙන් සිහිපත් කළේය.
ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ ජයග්‍රහණය ගැන තවත් මැති ඇමතිවරු රැසක්ද මෙහිදී අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරලුකඩ සුනඛයා මොකද රාජපක්ෂ සහ බැංකු හොරාගෙන් පිට අයට සුබ පැතුම්? තමන්ගේ ලෝකයේ හිටියේ රාජපක්ෂලා විතරයි. ඉන්පස්සේ බැංකු හොරා...!
ඉන්දියානු ජනතාව ලෝකයේ සිටින ප්‍රෞඩ ජාතියක් බවට පත්කොට ඉන්දියානු ජනතාවගේ ගෞරවයට හා ආදරයට පත්ව සිටින, ගරු, නරේන්ද්‍ර මෝදී ජනාධිපති තුමාට මේ කොහෙවත් ඉන්න දෙකයි පනහේ එවුන්ගේ සුභ පැතුම් මොකටද..?ශ්‍රී ලාංකික ජනතාව ලෝකයේ සිටින හිඟන ජාතිය බවට පත් කිරීමට දායකවූ නරුමයින් ගැන සිරි ලාංකික ගවයින්ට වඩා මෝදී මහත්මයා හොඳින් දන්නවා ඇති... අපේ ඉන්දියානු ජනාධිපති තුමාට ජයවේවා!!!