
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.
ජනාධිපතිවරයා එම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුවයි.
භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදි මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පළ කළේය.
එම සංවාදය අතරතුර අගමැති මෝදි මහතා සිය දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති වික්‍රමසිංහට ආරාධනා කර ඇති අතර ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් එකක් එවනවද දන්නෑ
ඔයා හොඳට මතක තියාගන්න, මට උලත් එකයි, පිළත් එකයි...!!! ඔයා වගේ මම පස්ස දොරෙන් ආව කෙනෙක් නෙමෙයි....
මෝදි රජ වුනේ නැහැ නේ.
මේ විදියට ලෝකේ කොහේ හරි මගුලක් තියෙනවනම් ඉස්සෙල්ලම යන්නයි බලන්නේ. පුදුම ආශාවක්නේ තියෙන්නේ මෙච්චර වයසට ගිහිල්ලත් රට සවාරි ගහන්න. හරියට රටේ මිනිස්සුන්ගේ චන්දෙන් ඇවිල්ලා නම් තව කමක් නැහැ කිව්වැකි. රටේ උතුරන්න සල්ලි තියෙනවා නම් තව කමක් නැහැ කිව්වහැකි. රටේ අසරණ මිනිස්සුන්ගෙන් හුරලා මරාගෙන උදුරගන්න බදු මුදල් කිසි හිරිකිතයක් නැතුව තමන්ගේ රට සවාරි වලට නාස්තිකරන මිනිස්සු තවදුරටත් නායක කමේ තියා ගන්න ඕනි ද? තව රංචුවකුත් යාවි. ඕකට ඔන් ලයින් ක්‍රමයට සහභාගීවෙලා ඔය යන මුදල් ඉතුරු කරන්න බැරිද? මහා ලොකුවට ගිය ගිය තැන වල කතා කරන්නේ කෘත්‍රිම බුද්ධියක් ගැන වැඩ කරන්නේ මොනම බුද්ධියක් වත් නැති විදියට.
ජනතාවගේ බදු මුදල් නාස්ති කරන එවුන් ලබන ආත්මේදි කාවෝ වෙලා ඉපදෙනවා
වැල් පාලමෙන් යන ගමන් නේද? ගංවතුරෙන් අනාථ වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට කිසිම පාර්සල් ටිකක් ඔය වියදම් වෙන මහජන මුදලින් දුන්නානම් මොකද වෙන්නේ.
ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක පවුල් 66 906 කට අයත් පුද්ගලයින් 253 581 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
එහේ දෙන්නේ කහට කෝප්පයයි චපාති විතරයි.... වයින් දෙන්නේ නැ. ගිහින් වැඩක් වෙයිද?
දුරකථන සංවාදය අතරතුර එන්න කිව්වද? මං එන්නම් කිව්වද දන්නේ ඒ දෙන්නා විතරමයි.
මේ වගේ පිස්සෙක්ට තනතුරේ දුන්න පොහොට්ටුවට සැප වෙන්න ඕන
රටක අගමැතිවරයෙක් දිවුරුම් දෙන උත්සවයකට බූරුවෙක් සහභාගී වන පළමුවන අවස්ථාව මේක වෙන්න ඇති.
රනිල්ගේ සල්ලි වගේ දැන් වියදම් කරන්නේ. අතේ සතේ නෑ. මිනිස්සුන්ගේ හැමදේම
මොකද එකට රාජාභිෂේකය කියලා කියන්නේ? අපෙි රටේ බත් කන ගොන් රාල මැදමුලන නාකි මයිනාට මහ රාජාණෙනි කිව්වා වගෙි මෝදිටත්ඉඉන්දියාවේරජකම ලැබිලාද?