
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිසි පරිදි අදාල ආයතන වලින් අනුමැතිය නොගෙන ඉදිකරන ලද කඳු ආශ්රිත ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කඳු ආශ්රිත නිවාස හදද්දී අදාල අනුමැතීන් ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් තිබෙන්නේ යැයි තෙන්නකෝන් මහතා කීය.
එවැනි නිවාස අනවසර ඉදිකිරීම් ලෙස සලකා ආපදා සහනාධාර ලබාදීමේදී වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි තෙන්නකෝන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්දටම තියෙන්නේ ගෙවල් කීපයක් විතරයි. කෝටි ගණන් ඕනෑ පාරවල් හදන්න. ඒවා පින්තූර ගහලා අහනවා අවුරුදු 75 ක් මොකද කළේ කියලා.? ඊට වඩා ලාබයි ඉඩමක් දීලා වෙනම පදිංචි කරන එක...
දැන් එතකොට අරගලය වෙලාවේ ආපදාවට ලක්වෙච්ච මැති-ඇමති දේපළ වලට වන්දි දෙත්දීත් ඔය නිර්ණායකයම බැලුවද ? එහෙමත් නැත්නම් ඔය කියන නිර්ණායක සාමාන්‍ය ජනතාවට විතරද අදාල වන්නේ ??
එහෙනම් රජයෙන් ගෙවල් හදලා දෙන්න. ඒ මිනිස්සු ඔහේලා වගේ කොළඹ 7 නෙමෙයි ඉන්නේ. ගෙයක් ඉඩමක් නැති හින්දා තමයි ඔයවගේ තැන්වල ගෙවල් හදන්නේ. දැන් ගෙයක් තියා කාමරයක් හදන්නත් බෑ සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍ය මිල අධිකයි
කඳු මුදුන්වල කඳු මැද්දෙයි කඳු පාමුලයි තැන්නෙයි බැද්දෙයි වේල්ලෙයි හැමතැනම රටපුරාම ඉදිකිරිම් බොහොමයක් පාගාවට ජරාවට බලයට අවසර අරන් හදලා තියෙන්නේ... ඕවා දැන් කඩන එක බොරු