lankadeepa.lk

නෝර්වේ පොලිසියෙන් රටට-සැමට එකම නීතියක්

2021 අප්‍රේල් මස 18 ප.ව. 01:19

2     1680

කොරෝනා නීති කඩකරමින් තම සමීප ඥාතිමිත්‍රාදීන් කිහිප දෙනකු සමඟ සාදයකට සහභාගි වූ නෝර්වේ අගමැතිනි එර්නා සොල්බර්ග්ට එරට පොලීසියෙන් දඩයක් නියම කිරීම ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත් විය. නව කොරෝනා වෛරසය පාලනයට පැන වූ තහංචි පිළිබඳ කිසිදු තැකීමක් නොකර උපන්දින සාදයක් පැවැත්වීම මේ දඩය පැනවීමට හේතු වී තිබේ. මේ උපන්දින සාදය වෙන අයකුගේ නොව ඇයගේම 60 වැනි උපන්දිනය බව ද සඳහන් වෙයි.


lankadeepa.lk

රස පොළොවේ රස

2021 අප්‍රේල් මස 18 ප.ව. 12:37

0     1284

ගමේ යකා කිව් සැණින් සිතේ මැවෙන සිතුවම් දෙකකි.


lankadeepa.lk

අති විශේෂ පුද්ගලයන්ට ප්‍රමුඛතාව

2021 අප්‍රේල් මස 16 ප.ව. 04:23

4     2062

ශ්‍රී ලංකා පොදු ජන නිදහස් සන්ධාන රජයේ පාලනය යටතේ එළැඹි දෙවැනි අලුත් අවුරුද්ද මෙයයි. පෙර වසරේ මෙන්ම මෙවර ද, අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංකා ජනතාවට සිදුවූයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේය. ඒ අතරම, මේ වන විට පස් අවුරුදු පාලනයක මාස 17ක් ගෙවා තිබෙන රජය සිටින්නේ, එක් අවුලකින් තවත් අවුලකට යමිනි.


lankadeepa.lk

මාර්ග අනතුරු වැළැක්වීම

2021 අප්‍රේල් මස 16 පෙ.ව. 10:32

1     1052

මේ ලිපිය ලිවිය යුතුද යන්න තීරණය කරගැනීමට මට බෙහෙවින් අසීරු වූයේ මෙම විෂය ගැන දශක කිහිපයක් තිස්සේ ලියන ලද ලිපි බීරි අලින්ට වීනා වයන්නා සේ ප්‍රතිඵල නොලැබී ගිය නිසාය.


lankadeepa.lk

පක්ෂ 4 කට රතු එළි

2021 අප්‍රේල් මස 16 පෙ.ව. 10:23

0     3859

අලුත් අවුරුද්ද නිමිත්තෙන් දේශපාලනඥයෝ බොහෝ පිරිසක් ගම්බිම්වලට ගියහ. ඉකුත් වසරේ කොරෝනා පැතිරීම නිසා අලුත් අවුරුදු චාරිත්‍ර හා ක්‍රීඩා උත්සව කිසිවක් නොපැවතිය ද මෙවර තත්ත්වය වෙනස් අතක් ගෙන තිබුණේය. ගම්බිම්වල මෙන්ම නගරවලද පිරිස් ඉකුත් වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුද්දේ රස භුක්ති වින්දෝ ය. අවුරුදු ක්‍රීඩා උත්සව පවා සංවිධානය කර තිබුණේය. දේශපාලනඥයෝ බොහෝ පිරිසක් ඒවාට ආරාධනා ලැබ සිටියහ.


lankadeepa.lk

කොරෝනාවෙන් අතරමං වූ සංචාරක මඟ පෙන්වීම

2021 අප්‍රේල් මස 16 පෙ.ව. 10:21

2     2541

මම ඉංජිනේරු විද්‍යාව හදාරා එක්සත් රාජධානියේ වසර නවයක් වාසය කිරීමෙන් පසු පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ, පරිගණක අලෙවි සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන්නට පටන් ගත්තෙමි. ඒ අතරතුර අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව මම වැඩිදුර අධ්‍යයනයක නිරත වූයෙමි.


lankadeepa.lk

ජයග්‍රහණය නොසැලී ඉදිරියටම

2021 අප්‍රේල් මස 16 පෙ.ව. 10:17

0     628

මා මෙවර කිවිදා දැක්ම ලියන්නේ මේ වර්ෂයේ සිංහල සහ හින්දු අවුරුදු උත්සව සමය ඉතාමත් හොඳින් ගත වෙමින් තිබෙන මොහොතකය. පසුගිය වර්ෂයට සාපේක්ෂව බැලුවහොත් මේ වර්ෂයේ අවුරුදු සමය රටේ කාගේත් මානසික ප්‍රීතියට මුල් වූ එකක් බව හැමෝම පිළිගන්නා කාරණයක්ය. පසුගිය 2020 වර්ෂයේ අප්‍රේල් මාසය කියන්නේ දැන් අපිට සිහිපත් කරන්නට පවා අකැමැති සිතෙන තරම් කොරෝනා වසංගත බියක් අපේ සිතට ඇති කාලයක් විය.


lankadeepa.lk

වගකීමෙන් වැඩ නොකළොත් ඉදිරි කාලය බරපතළ වේවි

2021 අප්‍රේල් මස 16 පෙ.ව. 10:13

0     482

අලුත් අවුරුදු උත්සව සමය කෙමෙන් ගෙවී යයි. අලුත් අවුරුද්ද උදාවන මොහොතේ අනාගතය සම්බන්ධයෙන් ඇතිකරගත් සුබවාදී ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීම වෙනුවෙන් වෙහෙසිය යුතු පැය එළැඹ තිබේ. ඒ වෙනුවෙන් ඔබ වඩාත් වගකීම් සහගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.


lankadeepa.lk

ප්‍රතිපත්ති වෙනසක වුවමනාව

2021 අප්‍රේල් මස 12 ප.ව. 12:28

1     1769

බොහෝ දෙනකුගේ ආර්ථික කටයුතු, ජීවන කටයුතු අහිමිව ගොසිනි. දුෂ්කරතා රැසකි. මේවා පැවැති තත්ත්වයට පත්කර ගැනීම ඉදිරි කාලයේ තිබෙන බරපතළ අභියෝගයකි. ආර්ථික වර්ධන වේගය 5% හෝ 6% මට්ටමට ගැනීමත් රැකියා ජනිත කිරීමත් අපට තිබෙන අභියෝග දෙකකි.


lankadeepa.lk

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අපහාස කරන්න එපා

2021 අප්‍රේල් මස 12 ප.ව. 12:06

2     3907

උණුසුම් බහින්බස් වීම්, විරෝධතා, අපහාස උපහාස, තර්ජනය කරගැනීම් හේතුවෙන් පසුගිය සතියේ පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. එළියට බැස ගහගන්නට අභියෝග කරන මට්ටමට වරක් මේ බහින්බස් වීම් දුරදිග ගියේය.


lankadeepa.lk

කඩාවැටුණු රතිඤ්ඤා කර්මාන්තය මෙදා යළි හිස ඔසවලා

2021 අප්‍රේල් මස 12 පෙ.ව. 11:04

5     2915

මීගමුව, කිඹුලාපිටිය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්තවී ඇති රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කර්මාන්තය ගෙවීගිය පසුගිය වසර දෙකක කාලය තුළ මුළුමනින්ම කඩාවැටී තිබුණ ද එළැඹෙන මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දේ නොසිතූ අයුරින් අලෙවියක් සිදුවූ බව එම කර්මාන්තයේ නියැළෙන පිරිස් පවසති.


lankadeepa.lk

කොළඹ අහස අඳුරුයි ‍

2021 අප්‍රේල් මස 09 ප.ව. 12:53

1     2896

‘කොළඹ’ චිත්‍රපටය සමග තවත් නවක සිනමාකරුවකු වන අසම ලියනගේ සිනමාවට එක්වෙයි. බොහෝ නවක සිනමාකරුවන් මෙන් ඔහුද චිත්‍රපටයට නගන්නේ තමන්ගේම තිර රචනයකි. කොළඹ චිත්‍රපටය උත්තේජනය ලබන්නේ වර්තමාන දෙමළ සිනමාවෙන් බව පැහැදිලිය. එමෙන්ම ‘මචං, ඇඩ්‍රස් නෑ’ බදු දේශීය චිත්‍රපටවල අභාසයද ඒ තුළ දැකිය හැකිය. වැදගත් කරුණ වන්නේ ඒ ලක්ෂණ පවතින්නේ ආභාසයන් ලෙස මිස අනුකරණ ලෙස නොවීමයි. කොළඹ අවධානයට ලක්විය යුතු නිර්මාණයක් ලෙස සැලකීමට අප පොළඹන්නේ මූලිකවම ඒ සාධකය විසිනි.


lankadeepa.lk

පළාත් සභා ඡන්දයට තවත් පොල්ලක්

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 11:14

1     2214

පළාත් සභා මැතිවරණය තවත් මාස හයකින් පමණ පැවැත්විය හැකි යැයි ආණ්ඩුව විශ්වාසය පළ කරයි. ඒ අනුව පළාත් සභා මැතිවරණය මේ වසරේ අගභාගයේදී පමණ පැවැත්වෙනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


lankadeepa.lk

පාම් ඔයිල් තහනමෙන් බේකරිත් අමාරුවේ දානු එපා

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 11:11

9     2279

කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීම කෝටා ක්‍රමයට සිදුකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ්‍ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පාම් ඔයිල් ආනයනය හා කටුපොල් වගාව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා නියෝග කළේය.


lankadeepa.lk

රාජ්‍යයේ විශ්වාසය බිඳවැටීම

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 11:05

0     2575

මහජන සමාජය ආණ්ඩුවක් කෙරෙහි තබන විශ්වාසයට වඩා රාජ්‍යයක් කෙරෙහි තබන විශ්වාසය දැඩි ය. බරපතළය. ගැඹුරු ය. රාජ්‍යය මව් නම් ආණ්ඩුවක් යනු සහෝදරයෙක් හෝ සහෝදරියක් ය. ඒ නිසාම ආණ්ඩුවක් අර්බුදයට යනවාට වඩා රාජ්‍යයක් අර්බුදයට යෑම සමාජයට හානිදායකය.


lankadeepa.lk

ඉන්දියාව රිදවා පාකිස්තානයටත් චීනයටත් ළංවීම

2021 අප්‍රේල් මස 08 ප.ව. 05:13

0     3710

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය අරබයා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ජිනීවාහි මෙන්ම කොළඹදී ද මහත් වියවුලක් ඇති කරගත්තේ වුවත් එම යෝජනාවලිය සම්මතවී තිබෙන පසුබිමක එයින් උද්ගතවීමට යන තත්ත්වය සම්බන්ධයෙන් රජය විමසිලිමත්ය.


lankadeepa.lk

රාජ්‍ය සේවය බාල්දු කරන දේශපාලක වන්දනාව

2021 අප්‍රේල් මස 08 පෙ.ව. 10:51

7     2166

සැමට සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු වුවත්, එසේ නොවන බවට සේම විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ නීතීන් එකම නීතිය විවිධාකාරයෙනුත් ක්‍රියාත්මක වන බවටත් චෝදනා එල්ල වෙයි. කොමියුනිස්ට් පක්ෂය ද රටේ වර්තමානයේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කොටස්කරුවෙකි. එල්ලවන ප්‍රධාන චෝදනා සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වන ඩිව් ගුණසේකර මහතාගෙන් විමසුවේ, හෙතෙම නියෝජනය කරන දේශපාලන පක්ෂය නිසා නොවේ.


lankadeepa.lk

හිතුමතේ තීන්දු ගැනීමේ පලවිපාක

2021 අප්‍රේල් මස 08 පෙ.ව. 10:36

1     1786

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ නීතියට පටහැණිව බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අලි සබ්‍රි මහතා එම ප්‍රකාශය කළේය.


lankadeepa.lk

ඩයනා කුමරියගෙන් උදුරාගත් නිදහසේ සංකේතය

2021 අප්‍රේල් මස 07 ප.ව. 02:26

0     5993

එය ඇයගේ යොවුන් නිදහසේ සංකේතයක් විය. එහෙත් රාජකීය පවුලට සම්බන්ධ වීමත් සමඟ ඇයගේ නිදහස සීමා කෙරිණ. රාජකීය යන්ටත් නිදහස නැතිබවට මීටත් වඩා අටුවා ටීකා අවැසි නොවේ.


lankadeepa.lk

මෙදා අලුත් අවුරුද්දේ රස කැවිලිත් තිත්ත වෙයි

2021 අප්‍රේල් මස 07 පෙ.ව. 11:35

4     2873

මුංඇට, උඳු පිටි, කහ සහ පොල් පැණිවල මිල ගණන් ඉහළ යෑමත් පොල් තෙල්වල පිළිකාකාරක තිබෙන බවට තහවුරුවීමත් නිසා සිය ව්‍යාපාර අවද‌ානමකට ලක්ව ඇති බව බව රස කැවිලි වෙළෙන්දෝ පවසති.


lankadeepa.lk

පොලියෙන් දඬුවම් විඳින්නෝ

2021 අප්‍රේල් මස 07 පෙ.ව. 11:23

3     2473

කොරෝනා වසංගතයෙන් පහර වැදුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් මුහුණ පාන මූල්‍ය දුෂ්කරතා ලිහිල් කිරීම උදෙසා පසුගිය වසරේ පටන් විවිධ මූල්‍ය උත්තේජන අඩංගු වූ ප්‍රතිපත්ති පැකේජයක් ක්‍රියාත්මක කරනු ලැබුවේය.


lankadeepa.lk

පොලිස් අණ නොතැකීම රටේ නීතිය බාල්දු කිරීමක්

2021 අප්‍රේල් මස 07 පෙ.ව. 11:17

3     4681

යාපනය, වඩමාරච්චි, වල්ලිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී වැලි ජාවාරම් කිරීමේ සිද්ධියක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.


lankadeepa.lk

ඇමරිකාව - බ්‍රිතාන්‍ය - ප්‍රංශය බර තියන්න සූදානමක

2021 අප්‍රේල් මස 06 ප.ව. 03:38

0     9297

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජයට පවතින සබඳතා පීඩනයකට ලක්ව තිබෙන වාතාවරණයක, ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටේරි මහතා සහ චීන තානාපති කුවි ෂෙන්හොන්ග් මහතා සිය අමාත්‍යංශයේ දී හමුවූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ජිනීවාහි දී පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හි දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූති කළේ ය


lankadeepa.lk

දැන් කාලෙ පරිවර්තන පොත්වල භාෂාව අන්තිමයි

2021 අප්‍රේල් මස 06 ප.ව. 12:56

1     980

චන්ද්‍ර ශ්‍රී රණසිංහ අප අතර සිටින ප්‍රවීණ පරිවර්තකයෙකි. ජනශ්‍රැති, කාව්‍ය, නවකතා, කෙටිකතා, මානව විද්‍යා හා ශාස්ත්‍රීය, ළමා කතා හා යොවුන් කතා ආදි අංශ නියෝජනය කරමින් පරිවර්තන පොත් රැසක් චන්ද්‍ර ශ්‍රී මහතා මෙරට පාඨකයාට ලබාදී ඇත. ඔහු සිංහලට පරිවර්තනය කළ කෘති බොහෝමය අතුරින් අහිගුණ්ඨික ජනකතා, ලංකාවේ ගැමි ජනකතා (i-iii වෙළුම්), වැද්දෝ, සිංහල සමාජයේ කුල ක්‍රමය යන කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබාඇත.


lankadeepa.lk

පොදු සතුරා නොහඳුනන නායකයෝ

2021 අප්‍රේල් මස 06 ප.ව. 12:52

0     1655

ශ්‍රී ලාංකිකයන් ගේ එක්සත්කම ජාතික ගීතය ගායනා කරනවිට පමණකි. “ශ්‍රී ලංකාවේ එක මවකගෙ දරු කැළ බැවිනා...., ප්‍රේම වඩා සැම බේද... දා” යනුවෙන් තොල් මතුරති. ගීතයෙහි වචන සුළඟේ පා වී යන්නටත් මත්තෙන් නොපමාව බේද අවුලා ගනිති. මෑතකාලය තුළ එකම අවස්ථාවක හෝ එකඟ වී නැත. එකඟ නොවූ රටකින් එක්සත් භාවයක් අපේක්ෂා කරන්නට පුළුවන්කමක් නැත.


lankadeepa.lk

පළාත් සභා පනත කාලීනව වෙනස්විය යුත්තේ ඇයි?

2021 අප්‍රේල් මස 06 ප.ව. 12:49

0     325

පළාත් සභා මැතිවරණය යළිත් සක්‍රීය මාතෘකාවක් බවට පත් වෙමින් තිබේ. එය පවත්වන දිනය සම්බන්ධයෙන් මාධ්‍යවල විවිධ මත පළවිය. ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා වී තිබිණි.


lankadeepa.lk

මම වැල්ලවාය පොලිසියට බෝම්බ ගැහුවා

2021 අප්‍රේල් මස 05 ප.ව. 08:42

4     3748

‘‘මම බෝම්බ ගැහුවා. සමහර ඒවා පත්තුවුණා. සමහර ඒවා වහල දිගේ ලිස්සලා ඇවිල්ලා බිමට වැටුණා. සමහර ඒවා ගිනිගත්තා. සමහර ඒවායේ මුඩිය ගැලවුණා. මේ වෙනකොට පොලිසියෙන් අපට හෝ ගාලා වෙඩිතියනවා. කැටපොලේ අතේ තියාගෙන ඉන්නකොට කාකි කෝට් එක ඇඳගෙන එන තැපැල් මහත්තයට බයේ කැලේ පැන්න අපි පොලිසියට වෙඩි තිබ්බේ බෝම්බ ගැහුවේ කොහෙම ද කියලා අදටත් හිතා ගන්න බෑ. ඒ තරම් හිතට හයියක් ආවේ කොහෙම ද කියලා. කොහොම වුණත් අපට තිබුණ මර්දනයට මුහුණ දෙන්න ප්‍රතිප්‍රහාර එල්ල කළත් ඒක අසාර්ථ වුණා’’


lankadeepa.lk

කල්‍යාණ මිත්‍රත්වයට තවත් නමක්

2021 අප්‍රේල් මස 05 ප.ව. 04:25

4     2112

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රකට සමාජ විද්‍යාඥයකු වන ප්‍රණීත් අභයසුන්දර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ධුරයට ඉකුත්දා පත්විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

ශ්‍රීලනිපය : ආණ්ඩුවේ අනාගතය

2021 අප්‍රේල් මස 05 ප.ව. 04:06

2     1833

පොලිසියට දේශපාලන බලපෑම් එල්ලවීම, පළාත් සභාවල අනාගතය, මැතිවරණ ක්‍රමයේ වෙනස, දේශපාලන පලිගැනීම් කොමිසම, රුපියලේ කඩාවැටීම, ආහාරවල වසවිස, බලශක්ති සැලැස්මේ අනාගතය හා ශ්‍රීලනිපය ආණ්ඩු බලය ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙවර ‘සඳුදා හමුවෙන්’ අදහස් දක්වන්නේ සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.


lankadeepa.lk

සරසවි ශුද්ධ භූමිවල නම වනසන වියත්තු

2021 අප්‍රේල් මස 05 ප.ව. 02:37

0     2613

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ ස්ථාවර තැන්පතුවල මුදල් වලින් රුපියල් කෝටි පහක මුදලක් එහි ප්‍රධානියකු වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) තොරතුරු අනාවරණය වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.