වාණිජ රහසක් ලෙස හුවා දක්වමින් එයාර්බස් A330-200 (Airbus A330-200 Wde-body) (4R-ALT) ගුවන් යානය මිලදී ගැනීම පිළිබඳ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමට අදාල තොරතුරු දින 30ක් ඇතුලත තොරතුරු ඉල්ලුම්කරුට ලබාදෙන ලෙස තොරතුරු කොමිසම මගින් 05 වනදා පැවති අභියාචනා විභාගයේදී නියෝග කරන ලදී.
පසුගිය කාලය තුළදී දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අලුතින් එක්කර ගත් එයාර්බස් A330-200 (Airbus A330-200 Wde-body) (4R-ALT) ගුවන් යානය පිළිබඳ තොරතුරු ඉල්ලා 2025.06.06 දිනැතිව '2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත' යටතේ සිදු කළ ඉල්ලීමකට අනුව සිදුකරනු ලැබූ තොරතුරු ඉල්ලුමකට අදාලව අදාල තොරතුරු ලබාදීම ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම විසින් 2025 ජුනි 30 දිනැතිව ලියාපදිංචි අංක 286 යටතේ නිකුත් කරනු ලැබූ ලිපියක් මගින් ප්‍රතික්ෂේප කර කරන ලදී. එමෙන්ම මෙම ප්‍රතික්ෂේප කිරීමට එදිරිව අදාළ පොදු අධිකාරියේ නම්කළ නිලධාරියා වෙත ද 2025.07.03 දිනැතිව අභියාචනයක් යොමු කරන ලද නමුත් ඒ සදහා ද ව්‍යස්තාපිත නියමන්ට අනුව අදාළ පොදු අධිකාරිය ප්‍රතිචාර දැක්වීමට කටයුතු කර නොමැත. ඒ අනුව නියමිත ක්‍රමවේදයන් ඔස්සේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිසන් සභාව වෙත සිදුකරනු ලැබූ අභියආචනයකට අනුව අභියාචනා අංක 1061/2025 යටතේ අවස්ථා කීපයකදී දෙපාර්ශවය මගින්ම කරුණු විමසිමෙන් පසු තොරතුරු කොමිසම මගින් මෙම නියෝගය ලබාදී තිබේ.
කෙසේ නමුත් මෙම තොරතුරු හෙළිදරව් නොකිරීමට ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම කටයුතු කරනු ලැබුයේ මහජන මුදල් භාවිතයේ විනිවිදභාවය සහ වගකීම සම්බන්ධයෙන් පුරවැසියන්ට උදම් අනන රජයක් තුළදී වීම කනගාටුවට කරුණකි එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව තීරණාත්මක කාල පරිච්ඡේදයක, මෙවැනි රහස්‍ය ගනුදෙනු පිළිබඳව පැන නගින සැක සංකා මඟින්, රාජ්‍ය ආයතනවල විනිවිදභාවය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය තවදුරටත් ඛාදනය වීමේ අවදානමක් ඇතිවීම නොනැවැත්විය හැකි දෙයකි.
තොරතුරු ඉල්ලීම සහ ලැබුණු පිළිතුර
ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2025 ජුනි 6 වන දින, තොරතුරු ඉල්ලීමක් යොමු කරන ලද අතර, එම ඉල්ලීම මඟින් නවතම එයාර්බස් A330-200 ගුවන් යානය සම්බන්ධයෙන් ප්‍රශ්න අංක හයක් යටතේ තොරතුරු ඉල්ලා තිබිණි. එහිදී මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම, ගුවන් යානය ලබා ගත් රට සහ ආයතනය, නිෂ්පාදිත වර්ෂය සහ සමාගම සහ කල්බදු පදනම මත ගෙවන වාරික මුදල් පිළිබඳ තොරතුරු එම ප්‍රධාන ඉල්ලීම් අතර විය. මීට අමතරව 2023 සිට 2025 ජුනි 6 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආදායම් සහ වියදම් පිළිබඳ වාර්ෂික තොරතුරු ඉල්ලීම් ද ඒ අතර වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 25(1) වගන්තිය ප්‍රකාරව ලබා දුන් පිළිතුර අනුව, ඔවුන් අදාළ ගුවන් යානය මිලදී ගෙන නොමැති බවත්, එය වසර 8ක කල්බදු (leasing) පදනම මත ලබා ගත් ගුවන් යානයක් බවත් සනාථ වී ඇති අතර ගුවන් යානය 2011 වසරේදී එයාර්බස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති බව ද එම පිළිතුරේ සඳහන් විය.
කෙසේ වෙතත්, මෙම ගනුදෙනුවේ වඩාත් තීරණාත්මක තොරතුරු වන අදාළ ගුවන් යානය වෙනුවෙන් මාසිකව ගෙවිය යුතු මාසික සහ වාර්ෂික වාරික ගෙවීම් මුදල කොපමණද යන්න පිළිබඳ තොරතුරු ලබාදීම ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම විසින් තොරතුරු ඉල්ලීමේදී මෙන්ම තොරතුරු කොමිසම තුලදීද ප්‍රතික්ෂේප කරනු ලැබිය. ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ, මෙම තොරතුරු 'වාණිජ රහස්' වන අතර, එය හෙළිකිරීමෙන් ගිවිසුම්කරුවන්ගේ තරඟකාරී තත්ත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි. මෙම ප්‍රතික්ෂේප කිරීම සඳහා පදනම් කරගෙන ඇත්තේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (ඈ) වගන්තියයි.
මහජන මුදල් සහ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්නය
ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය සන්තක ආයතනයක් වන අතර, එහි සියලුම ගනුදෙනු අවසානයේදී මහජන මුදල් හා සම්බන්ධ වේ. විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ පාඩු ලබන ආයතනයක් ලෙස, එහි සෑම ගනුදෙනුවක්ම විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුක්ත විය යුතු ය. මෙවැනි තත්ත්වයක් තුළ, නව ගුවන් යානයක් කල්බදු පදනම මත ලබා ගැනීමේ ගිවිසුමේ වාරික මුදල් 'වාණිජ රහසක්' ලෙස සලකා එය මහජනයාගෙන් වසන් කිරීම, බරපතල ප්‍රශ්න රැසක් මතු කරයි.
2011 වසරේ නිෂ්පාදිත ගුවන් යානයක් වසර 8ක් වැනි දීර්ඝ කාලයක් සඳහා කල්බදු පදනම මත ලබා ගැනීම සහ ඊට අදාළ මාසික වාරික මුදල කොපමණද යන්න පිළිබඳ තොරතුරු ලබා නොදීම ගනුදෙනුවේ සාධාරණත්වය සහ වාණිජමය වශයෙන් එහි ලාභදායිත්වය පිළිබඳව සැක මතු කරයි. මෙම ගනුදෙනුව සඳහා වැය වන මුදල දැනටමත් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වයට තවත් බරක් වේද? යන්න මෙරට බදු ගෙවන පුරවැසියන්ට පැහැදිලිව දැනගැනිම අදාල තොරතුරු ලබා නොදීම මගින් ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම අහුරනු ලැබිය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (ඈ) වගන්තිය, වාණිජ රහස් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපාදන සපයන නමුත්, රාජ්‍ය ආයතනයක ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහජන මුදල් වැය වන විට, එම වගන්තිය අදාළ කර ගත හැකි සීමා පිළිබඳව තවදුරටත් විවාද කළ යුතුව තිබේ. එමෙන්ම තොරතුරු පනතේ 5(4) වගන්තිය මගින්ද පොදු යහපත යන කාරණා සම්බන්ධයෙන් දැඩි සේ අවධාරණයට ලක්කර තිබේ. විශේෂයෙන්ම, මහජනතාවට අදාළ තොරතුරු දැනගැනීමේ අයිතිය, වාණිජ රහස්වලට වඩා ඉහළින් තැබිය යුතු අවස්ථා ඇති බව පෙන්වා දිය යුතු වේ.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය යනු රාජ්‍ය සතු ව්‍යවසායයක් (SOE) වන අතර, මෙහි සියලුම මූල්‍ය ගනුදෙනු, විශේෂයෙන්ම වසර 8ක් පුරා ක්‍රියාත්මක වන දීර්ඝකාලීන බදු ගිවිසුමකට අදාළ වාරික සහ කුලී මුදල්, අවසානයේදී මහජන මුදල් හා සම්බන්ධ වේ. වසර ගණනාවක් පාඩු ලබන ආයතනයක ගනුදෙනුවක වාණිජමය ශක්‍යතාව (Commercial Viability) සහ සාධාරණත්වය (Fairness) තක්සේරු කිරීම, දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳ පැහැදිලි චෝදනාවක් නොමැති විට පවා, මූලික මහජන අවශ්‍යතාවක් ලෙස මෙන්ම දැනටමත් අත්සන් කර ඇති ගිවිසුමක නිශ්චිත පිරිවැය හෙළිදරව් කිරීම, බදු දෙන්නාගේ (Lessor) ගෝලීය වෙළඳපොළේ සාමාන්‍ය තරඟකාරී තත්ත්වයට හානි කරනු ඇතැයි යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි, ප්‍රතිචාර දක්වන්නා විසින් ඉදිරිපත් කර නොමැති බවත් . එමෙන්ම ඉල්ලා සිටි තොරතුරු නිදහස් නොකළ යුත්තේ, එමගින් සිදුවන හානිය, මහජන වගවීමේ ප්‍රතිලාභය අභිබවා යන්නේ නම් පමණක් බවද අභියාචක විසින් තොරතුරු කොමිසමේදී කරුණු දක්වා තිබේ.
එමෙන්ම 2026.01.21 දින අභියාචනා විභාගයේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිසන් සභාව විසින් පොදු අධිකාරිය වන ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමට නියෝගකර සිටියේ අදාල තොරතුරු ලබාදීමට නොහැකිනම් පොදු අධිකාරිය පවසන පරිදි තෙවන පාර්ශවයක තොරතුරු මුදා නොහරින ලෙස ගිවිසුමේ ඇතුලත්වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාල කල්බන්දු ගිවිසුමේ පිටපතක් කොමිසන්සභාවේ පරික්ෂාව සඳහා පමණක් 2026 පෙබරවාරි මස 10 වනදාට පෙර මුද්‍රාතබා කොමිසන් සභාව වෙත ඉදිරිපත්කරන ලෙසයි. ඒ අනුව 2026.03.05 දින පැවති අභියාචනයේදී දෙපාර්ශවයේම ඉදිරිපත්කර තිබු කරනු සලකා බලමින් තොරතුරු ඉල්ලුම්කරුට අදාල නියෝගය ලබාදෙන ලදී කිමිසම නියෝග කර සිටි අතර මාස 9ක පමණ කාලයක් ගතවීමෙන් පසු වුවද තොරතුරු කොමිසම ලබාදුන් මෙම නියෝගය වචනවලට හා දේශපාලන වේදිකාවලට පමණක් සිමා වී තිබෙන මෙරට රාජ්‍ය ආයතන වල විනිවිධ භාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙන්ම නැගී සිටීම වෙනුවෙන් මෙරට පුරවැසියන්ද ලද ජයග්‍රහණයක් බවද පෙන්වා දිය යුත්තකි.
අනාගතයට බලපෑම
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පමණක් නොව, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු මෙරට බොහෝ පොදු අධිකාරීන් තොරතුරු ලබා නොදීමට හෝ ඒවා සැඟවීමට කටයුතු කිරීම පසුගිය කාලසීමාව පුරාම බෙහෙවින් දක්නට ලැබුණු ලක්ෂණයකි. බලයට පත්වීමට පෙර විනිවිදභාවය පිළිබඳව ජනතාව හමුවේ දැඩි ලෙස ප්‍රතිඥා දුන් රජයක් පවතින වටපිටාවක, රාජ්‍ය ආයතනවල මූල්‍ය කළමනාකරණය සහ වගවීම පිළිබඳව මෙවැනි පුළුල් විවාදයක් නිර්මාණය වීම උත්ප්‍රාසාත්මකය.
මෙම තත්ත්වය මූලික අයිතිවාසිකමක් මෙන්ම මෙරට නීතියක් ද වන "තොරතුරු දැනගැනීමේ අයිතිය" තහවුරු කරන ලෙස රජයට කෙරෙන බලවත් සිහිපත් කිරීමකි. එමෙන්ම, රාජ්‍ය ආයතන තොරතුරු ලබා දීමට ඇති වගකීම පැහැර හැරීම සහ මහජන මුදල් භාවිතයේදී විනිවිදභාවය ආරක්ෂා නොකිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට එල්ල කරන නව අභියෝගයක් ලෙස ද හඳුනාගත හැකිය.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම රජ හොරු... ඔක්කොම වැසියෝ.. තුන්සිංහලයම නෑදෑයෝ...